රටට එන සංචාරකයන් 99ක් එන්නෙ ඉන්දියාවෙන්… ඒ එන්නේ දවස් 14ක නිරෝධායනයෙන් යුරෝපා රටවලට යන්න… PHI ලා කියති…

සංචාරකයින් සදහා මෙරට විවෘත කර ඇති නමුත් පැමිණෙන සංචාරකයින්ගෙන් සියයට 99ක්ම ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන් බවද ඔවුන් යුරෝපා රටවල්වලට පිටත් වීම සඳහා  දින 14ක නිරෝධායන කාලයකට   මෙරටට පැමිණෙන අය බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙසේ පැමිණෙන සංචාරයන් සියලුම දෙනා කටුනායක ගුවන්තොටුපලේදී සංචාරක මණඩලයේ ඒජන්තවරුන් විසින් රැගෙන යන බවත් ඔවුන්ට සිදුකරන පීසිආර් පරික්ෂණයන් ගැන හෝ නිරෝධායන කටයුතු පිලිබඳව අධීක්ෂණය කිරීම කවුරුන් විසින් සිදුකරන්නේද යන්න පිලිබඳව මෙතෙක් පැහැදිලි නොමැති බවත් සංගමයේ සභාපති උපුල් රෝහණ   සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩෙල්ටා ප්‍රභේදය මෙරටට පැමිණියේ සංචාරක කර්මාන්ත හරහා යැයි පසුගිය දිනවල විවිධ පාර්ශ්වයන් ප්‍රකාශ කළ බවත් මේ වන විට ලෝකයේ රටවල් කීපයක පැතිර යන අප්‍රිකානු ප්‍රභේදයද මේ අනුව මෙරටට පැමිණීමේ අවදානමක් ද ති‌බිය හැකි යැයි හෙතෙම පෙන්වාදේ.


 

Exit mobile version