රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය විවේචනය කරමින් ජනමාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ නිකුත් කිරීම ආයතන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව සිහි කැඳවමින් මින් අනතුරුව එවැනි ප්‍රකාශ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එස්. මුණසිංහ විසින් සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්ට, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්ට, සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලුම නිලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
මේ ප්‍රකාශ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් සෞඛ්‍ය ආයතන පිළිබඳව මහජනතාව තුළ ඇති විශ්වාසය ආරක්ෂා කරගැනීමට බලවත් බාධාවක් බැවින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය ලේකම් වරයා දන්වා සිටී.
මෙම තත්වයන් නොසලකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම පුද්ගලයන්ට ආයතන සංග්‍රහයේ විධිවිධාන යටතේ කටයුතු කරන බව ද ලේකම්වරයා පවසයි.