රජයේ සේවක වෘත්තිය සමිති රෝගයට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට බෙහෙත් වට්ටෝරුවක්

රාජ්‍ය සේවයේ සියලුම සේවකයන්ට කාර්යාලයට ගියත්,නිවසේ සිට වැඩ කළත් අඩුවත් නැතිව වැටුප් ලැබුණද මේ වනවිට පෞද්ගලික අංශයේ සේවකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, ස්වයං රැකියාකරුවන් ඇතුළු විශාල පිරිසකට මූලික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරමින්වත් මුදල් ආදායම් නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වි ඇති බවත් මෙවැනි පසුබිමක් රටේ පවතිද්දී රාජ්‍ය සේවකයන් තම වැටුප් සහ වෘත්තිය තත්ත්වය වෙනුවෙන් වෘත්තිය සමිත ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය අප්‍රසාදය පළ කරයි.

එබැවින් පවතින තත්ත්වය සමනය වන තෙක් මෑත කාලයේ සියලුම වෘත්තීය සමිති ඉල්ලිම් මත හදිසියේ සිදු කළ අවිධිමත් වැටුප් සහ දීමනා සංශෝධන වහාම අහෝසි කොට ආදළ පාර්ශ්ව සහ අංශ සමඟ විධිමත් සාකච්ඡාවකින් පසුව සිදු කළ යුතු බවත් විවිධ වැටුප් ස්ථරවල රැකියාවේ නියුතු රජයේ සේවකයින් ගේ වැටුප් තල සහ ඔවුන් ගේ ශ්‍රේණි මට්ටම් නැවත විද්‍යාත්මක, සාධාරණ සහ විනිවිද භවකින් යුතුව වැටුප් තල කොමිසමේ සහභාගීත්වයෙන් යුතුව සිදු කළ යුතු බවටත් යෝජනා කරයි.

රජය වහාම එවැනි විසඳුමකට පියවර නොගොස් මෙවැනි අත්තනෝමතික ක්‍රියා පටිපාටියකට අවතීර්ණ වුවහොත්, රජය මෙන්ම රටද දැනට පත්ව ඇති අර්බුදකාරී ත්ත්වය තවත් තීව්ර වනු ඇති බව එම නිවේදනය මඟින් පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

Exit mobile version