රජයේ සහතික මිල කුණු බක්කියට… දකුණේ වී කිලෝවක ගැණුම් මිල රුපියල් 80 -85 යි….

මේ මොන අපරාධයක් ද?. වී කිලෝවක නිශ්පාදන මිලම රුපියල් 100ක් පැනලා... රජයේ වී මිලදී ගැනීම අක්‍රීයයි... ගොවීහු පවසති...

ලලිත් චාමින්ද –

රජය මගින් වී  කිලෝවක්   රුපියල් 100 ක මිලකට මිලදී  ගන්නා බව සඳහන් කළ ද වී මෝල් හිමියන්  විසින් වී කිලෝවක් මිලදී ගනු ලබන්නේ  රුපියල් 80  – 85  වැනි මිල ගණන් වලට බැව් දකුණු පළාතේ වී ගොවීහු පවසති .

වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 100 – 125   අතර මුදලක් වැය වන බවත් මේ නිසා වී කිලෝවක් රුපියල් 140 ක මිලකටවත් මිලදී ගත යුතු බවත් ගොවීහු පවසති . වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොලැබීම නිසා  ගොවිහු දැඩි  අසරණ  තත්වයට පත්ව ඇති බවද ඔවුහු පවසති .

පොහොර .කෘමි නාශක  වල් නාශක ගොයම් කැපීමේ හා  සීසෑමේ ගාස්තු ඇතුළු යෙදවුම් මිල ඉහළ යෑම නිසා වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට වැය වන මුදල ද ඉහළ ගොස් ඇති බැව්  රිදියගම  ව්‍යාපාර එකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ශෂි එදිරිසුරිය   පවසයි.

මේ නිසා වී කිලෝවක් සඳහා රුපියල්  140ක මිලක් ලබාදිය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.


ගාල්ල ප්‍රදේශයේ ගොවියකු වන එස් ආර් වික්‍රමආරච්චි    සඳහන් කළේ රජය මගින් වී මිලදී ගැනීම සඳහා මේ වන තෙක් කිසිදු වැඩපිළිවෙළක් සකස්  කොට නොමැති බවය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුණු කොල්ලයට තම වී අස්වැන්න අලෙවි කිරීමට තමන් සූදානම් නැති බව ද බව ද හෙතෙම පවසයි .

 

Exit mobile version