ශ්‍රී ලංකා වෛද්‍ය ආඥාපනතේ 29 වන වගන්තිය යටතේ ලියාපදිංචි නොමැතිව සිටින රුක්ෂාන් බෙල්ල නැමැති පුද්ගලයාට පරිපාලන වෛද්‍ය පත්වීමක් පිරිනමා ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් හැකි ඉක්මනින් තීරණයක් ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා සිටියි.
මෙම පුද්ගලයා වෛද්‍ය පරිපාලන බෝඩ් ලැලීවලට මුවාවී මාධ්‍යයට විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් එය වෛද්‍යවරුන්ට දැඩි හානියක් වන බවත් පෙන්වා දෙන සංගමයේ සාමාජිකත්වය මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි ඉල්ලමින් දිවයිනපුරා විසිරී සිටින වෛද්‍යවරුන්ගේ අත්සනින් යුතුව පෙත්සමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ට සතියේදී ඉදිරිපත් කරන බවද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.
වෛද්‍යවරුන්ගෙන් සියයට 90ක් පමන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන අතර ඒ සියලුම වෛද්‍යවරුන් මෙම පෙත්සමට අත්සන් තැබීමට එකඟ වී ඇතැයිද හෙතෙම පවසයි.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයාය.