ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇතිබව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් ගණන 1889ක් බවය. කොවිඩ් ආසාදිතයන් 25ක අඩුවක් එම නිල නිවේදනයේ තිබිණි.
දිනපතා සිදුවන මේ අඩුව පිළිබඳ ලංකාසර කළ විමසීමක දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසුවේ විදේශවල සිට පැමිණ ආසාදිත වූ පුද්ගලයන්ගේ සංඛ්‍යා තම නිල නිවේදනයට ඇතුළත් නොකරන බවය.
අලුත් අවුරුදු පොකුරු වැනි පොකුරු සම්බන්ධව අවධානය යොමු කරමින් සංඛ්‍යාලේඛණ නිකුත් කරන හෙයින් විදේශගතව සිට පැමිණ ආසාදිත වූවන් අතුළු කිරීමට පොකුරක් නැති බවද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.