රජයේ නිර්නායක බිඳ දමා රාජ්‍ය නිලධාරීන් 75ක් නුවර රැස්වීමක

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිලෝමීටර ලක්ෂයේ මාර්ග සංවර්ධන සැලැස්ම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් හා ඉංජිනේරුවන් දැනුවත් කිරීම සඳහා යැයි පවසමින් කොවිඩ් වෛරසය හේතුවෙන් පනවා ඇති රජයේ චක්‍රලේඛවලට පටහැනිව 75කට ආසන්න පිරිසක් රැස්කර මේ අවස්ථාවේ පැවැත්වෙමින් ඇති රැස්වීමක් සම්බන්ධව වහාම සොයා බැලීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පැවසීය.

අද (09) උදේ 9.30ට පමණ මෙම රැස්වීම ආරම්භ විය.

රජයේ සියලු රැස්වීම් හා උත්සව නවත්වා ඇති අවස්ථාවක යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇඹිල්මීගම මාර්ග සංවර්ධන කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වෙන මෙම රැස්වීම සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් ඇතුළු   නිලධාරීන් 75කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී තිබේ.

උදෑසන සහ දහවල් සඳහා බුෆේ කෑම වේලක් ද මෙම රැස්වීම අතර සකසා ඇත.

මේ පිළිබදව කළ විමසීමකදී ආණ්ඩුකාරවරයා පැවසුවේ අණ්ඩුකාර කාර්යාලයේ අද පැවැත්වීමට නියමිතව තිබූ 20 දෙනෙක් වත් සම්බන්ධ නොවන රැස්වීමකුත් තමන් අද අවලංගු කර තිබිය දී පැවැත්වෙන මෙම රැස්වීම පිළිබඳ වහාම සොයා බලන බවය.

Exit mobile version