බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ ඇමතිවරු කාදිනල් තුමාට උත්තර දෙති…

වාර්තාවේ සියලු දේ දෙන්න බෑ... මහින්ද අමරවීර - මේව මහ පුදුම කතා.. කෙහෙලිය රඹුක්වැල්ල

by editor
පෙබරවාරි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති කොමිෂන් සභා වාර්තාවේ සියලු දේ ජනතාවට ඉදරිපත් කළ නොහැකි බව පරිසර ඇමති මහින්ද අමරවීර ඊයේ (21) මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේය.  මේ අතර ජනමාධ්‍ය  ඇමති  කෙහෙලිය රඹුක්වැල්ල  ප්‍රකාශ කළේ සිද්ධියක් පිළිබඳ සම්මත ක්‍රමවේදයක් තුළ  පුළුල් ලෙස  සාකච්ඡාවෙන් සම්මුතියෙන්  කටයුතු කරමින් යන විට අකුල ගන්නවා වැනි කතා කීම පුදුම සහගත බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   විසින් ඉකුත්දා අමාත්‍යවරුන් 06 දෙනෙකුගෙක් යුත් කමිටුවක් පත්කරනු ලැබීමත්  ඊට  එරෙහිව මීගමුව කටුවාපිටිය සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය ඉදිරිපිට  පැවති විරෝධතා    ස්ථානයට පැමිණි කොළඹ අගරදගුරු   මැල්කම් කාදිනල් රංජිත් හිමිපාන්    මෙම කමිටුවට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමග ඇමතිවරු මේ ප්‍රකාශ කර තිබිණි.

අමාත්‍ය මහින්ද අමරවීර කීවේ  ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ කැබිනට් ඇමතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් බවත්, ඒ කමිටුවේ නීතිඥ  මහත්වරුන්ද සිටින බවත් ඔවුන්ට මේ වාර්තාව පිළිබඳ කටයුතු කරගෙන යෑමට හැකියාව ඇති බවත්ය.

මේ අතර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කීවේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසු ඊට අදාල සුදුසු පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් බවය. පුළුල් ලෙස  සාකච්ඡාවෙන් සම්මුතියෙන්  කටයුතු කරමින් යන විට අකුල ගන්නවා වැනි කතා කීම පුදුම සහගත බවත්  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  ඊයේ ( 21) නුවරදී පැවසුවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

“ සාමාන්‍ය සම්ප්‍රදාය එහෙම දෙයක් උනාම කැබිනට් අනු කමිටුවක් හරහා ඉදිරියට කටයුතු කරගෙන . එයයි මේ සිදුවන්නේ.  එම සම්ප්‍රදායෙ යම් අඩුවක් තියනවා නම් අපිට ඒක සාකච්ඡා කරන්න පුලුවන්.  අපි  සාකච්ඡාවෙන් සම්මුතියෙන් කටයුතු කරන රජයක්.  ඒකාධිපති ස්වරූපයෙන් අපට ඕන ආකාරයට, කාගෙවත් අදහස්වලට ගරු නොකරමින්  කටයුතු කරන රජයක් නෙමෙයි අපි. අපි එහෙම කරනකොට කියනවා අකුලගත්තා කියලා. ඉතින් මේක හරි පුදුම කතාවක්නෙ.

අපට අපේ මතයක් තියනවා. අපේ මතය ක්‍රියාත්මක කරන්න පුලුවන්  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයත් ජන වරමක් තියනවා.  ඒත් ජනතාවාදී රජයක් ලෙස අපි පුලුල් වූ සංවාදයකට යනවා. සංවාදයක දී අදහස් වෙනස් වෙන්න පුලුවන්.  මේ සංවාදය තුළ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් වෙනව. ඒ අදහස්වලට ගරු කරනකොට කියනවා අන්න අකුලගත්තා කියලා. මේක හරි විහිලු කතාවක්.

අපි පුලුල් වූ සංවාදයක් තුළ රාජ්‍ය පාලනය ප්‍රතිපත්තිමය හැටියට කරගෙන යනවිට එයට විවිධ කතන්දර කියනවා. ඒ සම්බන්ධව සැලෙන්නෙ නෑ. අවශ්‍ය කටයුතු ඉදිරියට කරගෙන යනවා. “

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කච්චතිව් මංගල්ලය අත්හිටුවයි… කච්චතිව් දූපත බැතිමතුන්ට තහනම්….

Next Post

ඉන්දීය ආධාරයෙන් හැදූ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළ පසු නඩත්තු කරන්න බෑ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.