යොහානි  නැවතත් ලෝකය කුල්මත් කරන නිර්මාණයක් සමග බොලිවුඩයෙන් අලුත් ගමනක…

යොහානි  නැවත ඉන්දියානු රසිකයන් මෝහනයට පත් කරන්නීය. මැණිකේ මගේ හිතේ ගීතයේ රිද්මයට බැඳුණු ඉන්දීය රසිකයන් වෙත ඇය දැන් වඩාත් සමීප වී සිටින්නීය.

ඇය ගැයූ මුල්ම හින්දි ගීතය අද (28) එළිදක්වා තිබිණි. ඒ ලොව වැඩිම ග්‍රාහක පිරිසක් සිටින යූ ටියුබ් චැනලයක් වන T series ලේබලය යටතේය.

ඇය ගැයුවේ චිත්‍රපට අධ්‍යක්ෂක කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ”ෂිද්දත් (Shiddat)’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ කාන්තා අනුවාදනය(Female Version) ය.


චිත්‍රපටයේ ඇතුළත් මේ ගීතයේ මුල් ගායනය සිදු කරන්නේ මනන් භාරද්වාජ් විසිනි.

යොහානි ගේ ගායනය ඇතුළත් ෂිද්දත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක ලබන 01 වැනිදා සිට තිරගත කිරීමට කටයුතු සූදානම් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහතින් ඒ මනරම් ගීතය විඳින්න

Exit mobile version