යූරියා තමයි අපි ඇඟේ ගාන ක්‍රීම්වලත් තියෙන්නෙ… නරක නම් ඇඟේ ගාවියෑ…. කෘෂිකර්ම ලේකම් අද කිව්ව අමුතු කතාව

යූරියා නරක පොහොරක් නොවන බවත් ඇඟේ ගාන ක්‍රීම්වල තිබෙන්නේත් යූරියා නිසා ඉහළම ප්‍රමිතියෙන් යුතු යූරියා ඇතුළු ශාක පෝෂක රටට ගෙන්වන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ අද මාධ්‍යයට පැවසුවේය.

“යූරියා නකර පොහොරක් නෙමෙයි. යූරියා තමයි අපි ඇඟේ ගාන ක්‍රීම්වල තියෙන්නෙ. එහෙමනම් අපි ඇඟේ ගාවියෑ.  මෙතන එකක් වෙනවා. එකක් මිස් යූස්. අනික ඕවර් යූස්. මිස් යූස් කියන්නෙ වැරදි වැඩ වලට භාවිත කරනවා. ඕවර් යූස් කියන්නේ ඒ වැඩේටත් වැඩිපුර භාවිතා කරනවා. යූරියාවලට වෙලා තියෙන්නෙ මේ අභාග්‍යය.“

එසේ කී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පැවසුවේ රජය මේ කරන්නේ රිවස් යෑමක් හෝ රසායනික පොහොර ආනයනයක් නොවන බවය. ඔහුගේ පැහැදිලි කිරීම මෙසේය.


“කෙනෙකුට කියන්න පුලුවන් ඔන්න දැන් රිවස් යනවා කියලා. රිවස් එකට යෑමක්  නෙමෙයි. අපි ක්‍රමානුකූලව ලිඛිතව පාරදෘෂ්‍යව විද්‍යාත්මක ක්‍රියාවලියකට යනවා.  මේක අර්ථකථනය තුළ පිටරටින් පොහොර ගෙනනවා කියලා කියන්න පුලුවන්.  ඒක එක පාටකින් එක කෝණයකින් බලලා කියන කතාවක්.“

“අප මේ කරන්නෙ මොකක් ද?. විද්‍යාත්මක ක්‍රියාවක්  කළමනාකරණය කරනවා අපේ ගොවි ජනතාවගේ අවශ්‍යතාවය ලබා ගැනීමට. ඒ නිසා ඒ සඳහා  අවශ්‍ය කරන බලතල අමාත්‍ය මණ්ඩලය හරහා ලේකම්වරයා විදිහට මටත් වැවිලි කාර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් ලැබිලා තියනවා. ඒ ලැබිලා තියෙන්නෙ අවශ්‍ය කෘෂි පෝෂක, ශාඛ පෝෂක සහ ශාඛ ආරක්ෂක, නිර්දේශිත ප්‍රමාණවලින්, ඉහළ පෙළේ ප්‍රමිතියකින් යුතුව, රට තුළ නිශ්පාදනක වෙලා නැතිනම් ඒ ප්‍රමාණය ආනයනය කරලා මේ කියන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. “

“වී වියලි මිරිස් අමු මිරිස්  බඩඉරිඟු රටකජු වගේ ඒවට අවශ්‍ය නයිට්‍රිජන් ප්‍රමාණය, පොස්පරස් ප්‍රමාණය, පොටෑසියම් ප්‍රමාණය  ලබා නොදී වගා කළ   නොහැකියි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ කියන ශාක පෝෂක ලබා ගැනීමේ ක්‍රියාවලිය අපි කඩිනම් කරනවා. අපි දැනටත් ඒ සඳහා පියවර අරන් තියනවා. අපි ගෙන්වන්නෙ   කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමත නිර්දේශිත ඉහළ ප්‍රමිතියක් සහිත පොහොර පමණයි.    අපගේ කෘෂි පද්ධතිය රැක ගැනීම සඳහා කළ හැකි සියල්ල අපේ හැකි ශක්ති ප්‍රමාණයෙන් අපි ඉටු කරනවා.“

Exit mobile version