යුද හමුදාපති  ශවේන්ද්‍ර නික්ම යයි… නව හමුදාපති මේජර් ජනරාල් විකුම්  ලියනගේ….

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වන දින යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමට නියමිත බවත්,  මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි.

ඔහු  වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි කරමින් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධූරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය.

 

Exit mobile version