දිනසේන රතුගමගේ –
යුද්ධයෙන් විපතට පත් යාපනයේ වැසියන්ට රජයෙන් ලබා දෙන නව ස්ථිර නිවාස 233 කින් 187 දෙනෙකු නිවාස ලබා දීමට සුදුස්සන් නොවන බවට පැමිණිලි 48 ක් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඇතුලු යාපනයේ බලධාරීන්ට ඊයේ (19) වන විට ලැබී තිබේ.
නිවාස ලබාදීමට සුදුසු අය තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව ඒ සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නම් 233ක නාමලේඛනයක් සකස් කරනු ලැබූවත් මේ වන විට එම ලේඛනයේ කළින් සඳහන් නම් 187ක් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් පුද්ගලයින්ගේ නම් ඇතුළත් කොට ඇති බව පැමිණිලිවල සඳහන් වෙයි.
අලුතින් ඇතුළත් කරණ ලද පිරිස යුද්ධයෙන් විපතට පත් වූවන් නොවන බවත් ඔවුන්ට රජයෙන් ලබා දෙන ස්ථිර නිවාස ලබා දීමට සුදුසු පිරිසක් නොවන නිසාත් මේ පිළිබඳව පක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිවාස අහිමි වූ පිරිසට සාධාරණයක් ඉටු කොට දෙන ලෙස පෙත්සම් මගින් ඉල්ලීමක් කොට තිබේ.
යාපනයේදී යුද අනාථයින්ට ලබා දෙන මෙම නිවාස වලින් එක් වර්ගයක වටිනාකම් ලක්ෂ 6 ක් වන අතර අනෙක් වර්ගයේ නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 10 කි.