බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්‍රේනයේ මිනිසුන් වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලාංකික කපිතාන් රනිෂ් හේවගේ ගැන BBC කියන කතාව!

by editor
දෙසැම්බර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉකුත් වසරේ (2022) පෙබරවාරි මාසයේදී රුසියානු හමුදාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ සටන ආරම්භ කරන ලදී.

රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්රේන හමුදාව සමග එක්ව සටන් වදින විදේශීය හමුදා ලීගය තුළ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින් ද සිටින බවට තහවුරු වී තිබේ.

එලෙස රුසියානු හමුදාවට එරෙහිව සටන් වදිමින් සිටි ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයන්හි සේවය කළ සාමාජිකයින් තිදෙනෙකු පසුගියදා ජිවිතක්ෂයට පත්ව ඇති බවට බිබීසි සිංහල සේවයට තහවුරු විය.

යුක්රේනයේ දී මියගිය ශ්‍රී ලාංකික හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් කවුද ?

යුක්රේනයේ දී එලෙස මියගොස් ඇති හමුදා සාමාජිකයින් අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ හිටපු කපිතාන්වරයෙකු වන රනිෂ් හේවගේ ඇතුළු තිදෙනෙකු සිටින බවට එහි වෙසෙන හිටපු ශ්‍රී ලංකා හමුදා සාමාජිකයෙකු විසින් බිබීසි සිංහල සේවයට තහවුරු කර සිටියේය.

ඔහුට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සේවය කර ඇති රොඩ්නි ජයසිංහ සහ එම්.එම්.ප්‍රියන්ත ද වන බව දැනට තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන තවත් ශ්‍රි ලාංකික හිටපු හමුදා සාමාජිකයෙකු වන හතුරුසිංහ බීබීසි සිංහල සේවයට පැවසුවේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

කපිතාන් රනිෂ් හේවගේ යනු කවුද ?

ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමුවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතාන්වරයෙකු ලෙස වසර 12ක් සේවය කිරීමෙන් අනතුරුව රනිෂ් හේවගේ 2018 වසරේදී ඉන් ඉවත්වූ බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් බීබීසි සිංහල සේවයට තහවුරු කළේය.

යුද හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පසු ඔහු ඩුබායි රාජ්‍ය බලා ගොස් එහි පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියදී යුක්රේන හමුදාවට එක්වීමට තීරණය කර ඇත.

ඒ අනුව 2022 වසරේ මාර්තු මාසයේදී ඔහු ඩුබායි හි සිට යුක්රේනය බලා පැමිණ එරට හමුදාව සමග එක්ව ඇත.

යුක්රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස සේවයට එක්වන ඔහු එහි විදේශීය සටන්කරුවන් සේවය කරන ” විදේශීය හමුදා ලීගයේ” සාමාජිකයෙකු ලෙස පුරා මාස 20 කට අධික කාලයක් යුද මෙහෙයුම් වලට සිය දායකත්වය ලබාදී තිබුණී.

කමාන්ඩෝ නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා හමුදාවේදී ලද පුහුණුව සහ අත්දැකීම් හේතුවෙන් කෙටි කලක් තුළ දී යුක්රේන යුද හමුදා සාමාජිකයින් අතර ඔහු නමක් දිනා ගනු ලැබූ අතර, යුක්රේන හමුදා සාමාජිකයින් ඔහුව හඳුන්වා ඇත්තේ “ඩෙන්ටිස්ට්” යන අනවර්ථ නාමයෙන් බව සඳහන් ය.

යුද බිමේ ලද අත්දැකිම්

රුසියානු ආක්‍රමණයට එරෙහිව තමන් යුක්රේන හමුදාව සමග එක්ව සටන් කිරීමට ප්‍රධාන හේතුව වුයේ රුසියාව විසින් සිදුකළ යුද අපරාධ බවත්, යුක්රේන යුද පිටියේදී තමන් අවස්ථා 06 කදී තුවාල ලැබූ බවත් කපිතාන් රනිෂ් හේවගේ ‘සංදේශය බයි සරෝජ්’ නමැති යුටියුබ් නාලිකාව සමග වරක් සිදුකළ සම්මුඛ සාකච්ජාවක දී පවසා තිබුණි.

වරක් සතුරු ආරක්ෂක වළල්ලෙන් ඔබ්බට ගොස් සිදුකළ මෙහෙයුමක් නිසා යුක්රේන ජනාධිපතිවරයාගෙන් තමන් වෙත සම්මානයක් හිමිවූ බවත් ඒ අනුව තමන්ට යුක්රේන හමුදාවේ කපිතාන්වරයෙකු ලෙස උසස්වීමක් හිමිවූ බවත්, ඔහු යුක්රේන හමුදාවේ විදේශීය හමුදා ලීගයේ භට කණ්ඩායමක වැඩබලන අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටින බව ද එහිදී වැඩිදුරටත් පවසයි.

ජීවත්ව සිටි වකවානුවේදී ‘සංදේශය බයි සරෝජ් සමග රනිෂ් කළ යූ ටියුබ් සංවාදය පහත දැක්වේ.

කපිතාන්න රනිෂ් ඇතුළු පිරිසට සිදුවුයේ කුමක්ද?

යුක්රේන සටන් බිමේදී කපිතාන් රනිෂ් හේවගේ සමග යුද මෙහෙයුම්වලට දායක වී දැනට තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින තවත් හිටපු කමාන්ඩෝ බලකායේ සාමාජිකයෙකු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බීබීසි සිංහල සේවය කටයුතු කරන ලදී.

යුක්රේන හමුදාවේ සේවය කරන හතුරුසිංහ නම් වු එම හමුදා සාමාජිකයා යුක්රේනයේ, බක්මුත් ප්‍රදේශයේ දී පැවැති සටන්වලදී තමන් මුහුණ දුන් අත්දැකීම මෙලෙස විස්තර කර සිටියේය.

“ගිය දෙසැම්බර් 04 වෙනිදා ඇතිවුණ ගැටුමකින් අපේ ලංකාවේ කෙනෙක් මියගියා. එයා නේවි එකේ කලින් වැඩ කරපු කෙනෙක්.”

“එයාගේ බෝඩි එක ගන්න විදිහක් තිබුනේ නැති නිසා රනිෂ් සර් එක්ක අපි ෆෝ මෑන් ටීම් එකක් ගියා ඒ බෝඩි එක අර ගන්න. ”

“එහෙම යද්දී එල්ල වුණ ප්‍රහාරයකින් අපේ එක්කෙනක් තුවාල වුණා. පස්සේ එයාව එතන ආරක්ෂා සහිතව තියලා අපි තුන් දෙනා ඉස්සරහට ගියා. සර්, මම සහ රොඩ්නි කියන කෙනයි ගියේ.”

“එහෙම ගිහිල්ලා ලයින් එක පස්සේ ඉද්දී සෙට් එකෙන් කිව්වා ඉස්සරහා එවැකියූවේෂන් එකක් කරන්න තියෙනවා, යුක්රේන හමුදාවේ තුන්දෙනෙක් තුවාල වෙලා ඉන්නවා එයාලව පස්සට ගෙන්න කියලා.”

“සර් එක්ක අපි තුන්දෙනා එකතූවෙලා අර තුවාල වෙලා හිටපූ යුක්රේන කට්ටියව පස්සට ගෙනාවා. එහෙම කරලා යද්දි තමයි අපිට ආටි වලින් ගැහුවේ.”

“පළවෙනියට ආපු ආටි ප්‍රහාරයෙන් රොඩ්නි මැරුණා. ඊට පස්සේ ආපු ආටි එක මගේ ලඟට වැටුණා. මම ඒකෙන් තුවාල වුණා. පස්සේ මම ආපහු නැගිටිද්දී තවත් ආටි ප්‍රහාරයන් 05ක් එල්ල වුණා.”

“මම ටිකක් වෙලා කම්පනයට පත්වෙලා හිටියා. පස්සේ රනිෂ් සර් ආවා මම මැරුණද කියලා බලන්න. ඒ එක්කම වැටුණු ආටි එකට සර් අහුවෙලා නැතිවුණා.”

“මම තුවාල වෙලා තියෙද්දීත් කොහොම හරි රනිෂ් සර් ගේ බෝඩි එක කිලෝමිටර් 15ක් අපේ ලයින් එකේ පස්සට අරන් ආවා. එහෙම අරන් එද්දිත් ආටි ප්‍රහාරයන් එල්ල වුණා.”

“මම පස්සේ සර්ගේ බොඩි එක ආරක්‍ෂිත තැනක තියලා වෛද්‍ය ප්‍රතිකාර දෙන තැනට ආවා.” ඔහු තමන් මුහුණ දුන් අත්දැකීම එසේ විස්තර කර සිටියේය.

මේ අතර තමන් සිටින යුක්රේන හමුදා භට කණ්ඩායමේ තවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් හි සේවයේ නියුතු සාමාජිකයින් 12 දෙනෙකු සිටින බව හතුරුසිංහ පවසයි.

සිදුවීම ගැන තොරතුරු ඉල්ලා තිබෙනවා‘

මේ අතර බීබීසි සිංහල සේවය සමග අදහස් දක්වමින් තුර්කියේ වෙසෙන ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක පැවසුවේ යුක්රේනයේ ඇතිවූ යුද ගැටුමෙන් මියගිය ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස තමන් අන්කාරා හි පිහිටි යුක්රේන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

යුක්රේනයේ වෙසෙන ලාංකිකයින් සම්බන්ධ රාජතාන්ත්‍රික කටයුතු සොයා බැලීම සිදුකරනු ලබන්නේ තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් වීම ඊට හේතුවයි.

“අපිට මේ දක්වා නිල දැනුම් දීමක් යුක්රේන රජය පැත්තෙන් සිදුකරලා නැහැ. නමුත් අපි අන්කාරා හි පිහිටලා තිබෙන යුක්රේන තානාපති කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා තිබෙනවා මේ සිදුවීම ගැන.”

“රනිශ් හේවගේ කියන ශ්‍රී ලාංකිකයා යුක්රේනයේ සිටින බවට අපගේ දත්ත පද්ධතියේ තොරතුරු තිබෙනවා. නමුත් ඒ හැර වෙනත් ලාංකිකයින් යුක්රේනයේ සිටින බවට අපට තොරතුරු දීලා නැහැ.”

“පවතින යුදමය තත්ත්වය මත සියලු තොරතුරු එක්රැස් කරන්න අසීරු කාරණාවක්.” තානාපතිවරිය පවසා සිටියාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල පාඨමාලා අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පිරිනමයි

Next Post

කඳවුර තුළ දී සගයන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා සෙබලාට මරණීය දණ්ඩනය…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.