සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්තිය වෙනුවෙන් ජීවිතය කැප කළත් යුක්තිය නොලත් විනිසුරු ඉලන්චේලියන් විනිසුරු අසුනෙන් බැස යති!

by editor
පෙබරවාරි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

” මගේ වසර 27 ක අධිකරණ ජීවිතය මහා ප්‍රහේලිකාවකින් අවසන් වූ සේවාවක් ”

සිය කැමැත්තෙන් විශ්‍රාම යමින් වවුනියාවේ මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් ප්‍රකාශ කළේය.

විශ්‍රාම යන මහාධිකරණ විනිසුරුවරයාට සමුදීම පිණිස වවුනියාව අධිකරණ සංකීර්ණයේදී සෙසු විනිසුරුවරු හා නීතිඥවරුද සේවක සේවිකාවෝ ද උත්සවයක් සංවිධානය කොට තිබුණහ.

ඉලන්චෙලියන් විනිසුරුවරයා ලබා දුන් නඩු තීන්දු ගණනාවක් හේතුවෙන් හා පිස්තෝලකරුවකු විසින් විනිසුරුවරයාට තැබූ වෙඩිල්ලක් වැදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා මියයාමෙන් පසුව ඔහු හැසුරුණු විලාශය නිසා දකුණේ ජනතාව අතරද මේ විනිසුරුවරයා ගෞරවයට පාත්‍ර වූයේය.

විශ්‍රාම යන විනිසුරුවරයාට සමරු තිළිණයක්…

ඔහු අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත්වීමට අවශ්‍ය පමණටත් වඩා සුදූසුකම් තිබියදී වගකිව යුත්තන් ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම ඔහු ස්වකැමැත්තෙන්ම විශ්‍රාම යාමට හේතුවක් වී තිබිණි.

උත්සවයේදී කතා කළ බොහෝ දෙනෙකු කියා සිටියේ ඉලන්චෙලියන් විනිසුරුවරයා මේ සමාජයට නීතිය සාධාරණය හා පරමාදර්ශය ඉටු කළත් ඔහුට වගකිවයුතු තැන් වලින් සාධාරණයක් ඉටු නොවූ බවය.
ඉලන්චෙලියන් විනිසුරුවරයා පිළිගැනීමට සෙසු පිරිස ක්‍රියා කළ අවස්ථාවේදීත් ඔහුගේ කතාවේදීත් ඔහුට සිහිවටන පිරිනැමූ අවස්ථාවේදීත් උත්සව සභාවෙන් පිටව මෝටර් රථයට ගොඩවන අවස්ථාවේදීත් ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ දෙනෙත් කදුළින් තෙත්ව ගොස් තිබුණි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ඒ අතර සිටි බොහෝ දෙනෙකුටද විනිසුරුවරයාගේ සමුගැනී සන්තාපයක් උපදාව තිබිණි. ඔවුන් බොහෝ දෙනෙක් සිටියේ දෙනෙතින් වැගිරෙන කඳුළු අයාසයෙන් පිස දමමිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

SSCබේරගන්න ක්‍රිකට් ලොක්කන් ගහන ගෙම් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ගැහුවනම් අද රටේ ක්‍රිකට් ගොඩ!

Next Post

තෝරු මොරු මග හැර හාල්මැස්සන් සූඩයන් කොටුකරන පොලොන්නරුවේ මත්ද්‍රව්‍ය මෙහෙයුම් ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් හෙළි කරයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.