සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය සරසවිය වසා ගත් මත් උවදුරට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිට ඉල්ලා අස්වෙන්න සිදුවෙයි!

by editor
ජනවාරි 27, 2025
in පුවත්
සිවසුබ්‍රමනියම් රඝුරාම්

සිවසුබ්‍රමනියම් රඝුරාම්

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මකවන මත්ද්‍රව්‍ය සහ මත්පැන් ඇතුළු අශ්ලීල ලිංගික හැසිරීම්වට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති සිවසුබ්‍රමනියම් රඝුරාම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාලන අධිකාරිය වෙත ඊයේ ( 26 ) බාර දී තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වූ බව කියන ලිංගික ක්‍රියාකාරකම් කීපයක් හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම් කීපයක් නිසා විශ්ව විද්‍යාල සිසුන් 9 දෙනෙකුගේ පන්ති මීට දින කීපයකට පෙර තහනම් කොට තිබුණි.

එසේ පන්ති තහනමට ලක් වූ ශිෂ්‍යයින්ගෙන් වැඩි දෙනා ශාස්ත්‍ර පීඨයේ සිසුන් වූ අතර එම පන්ති තහනම ලබා දීමට විනය කමිටිවේ ජෙයෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කරණ රඝුරාම්
ද මූලික වී තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ බොහෝ සිසුන් විශ්ව විද්‍යාල භූමියේ තනා ඇති ගල් බංකු මත සිට මත්පැන් පානය කිරීමත් දුම්වැටි පානය කිරීමත් සිදු කරන බවත් ඔවුන්ගේ නේවාසිකාගාරවලදී මත්ද්‍රව්‍ය භාවිත කරණ බවත් ශාස්ත්‍ර පීඨයේ ප්‍රධානියා පාලන අධිකාරියට දැණුම් දී තිබුණි.

එමෙන්ම විශ්ව විද්‍යාල සිසුන් එහි ශිෂ්‍යාවන් සමග නොමනා හැසිරීම් වල නිරත වන බවද ඔහු අවධාරණය කොට තිබේ.
නේවාසිකාගර වල මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සිද්ධීන් 11 වතාවක් වාර්තා වී පොලීසියද එම සිසුන්ට එරෙහිව ඒ සෑම අවස්ථාවකදීම නීතිය ක්‍රියාත්මක කිරීම නිසා එවැනි ක්‍රියා වලට සම්බන්ධ සිසුන්ගේ පන්ති තහනම් කල යුතු බවට ශාස්ත්‍ර පීඨයේ ප්‍රධානී සිවසුබ්‍රමනියම් රඝුරාම් තරයේම ප්‍රකාශ කොට තිබේ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ඒ අනුව සිසුන්ගේ පන්ති තහනම් වූ අතර සිසුන්ගේ පන්ති තහනම් නීති විරෝධී හා අසාධාරණ එකක් බව කියමින් තවත් හේතුන් හතරක්ද මුල් කරගෙන යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් විරෝධතාවයක් ආරම්භ කොට තිබූ අතර සියලුම සිසුන් විසින් පන්ති වර්ජනයක්ද දියත් කොට තිබුණි.

අවසානයේදී යාපනය විශ්ව විද්‍යාලයේ පීඨාධිපතිවරයා හා පාලන අධිකාරිය සිසුන්ට වාසි වන අන්දමට ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම නිසා දැඩි ලෙස කම්පනයට පත් වූ සිවසුබ්‍රමනියම් රඝුරාම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය වෙත බාර දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැවැත්වීමට යන ක්‍රිකට් නිලවරණය ඒක පාර්ශවිකයි… අසාධාරණයි… ක්‍රීඩා සමාජයක් විරෝධතා ගොනු කරයි!

Next Post

යෝෂිත එළියට එන්න කොහොම ද?… අධිකරණයේ දී සිදුවූ දේ මෙන්න….

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.