දිනසේන රතුගමගේ –
යාපනයේදී උපත ලබා යාපනය විශ්ව විද්‍යාලයෙන් මහාචාර්යවරයෙකු බවට පත් වූ මහාචාර්ය අරවින්දන් කුමාරස්වාමිට බ්‍රිතාන්‍යයේදී OBE (Order of the British Empire) නැමති ඉහළම ගෞරව සම්මානය ලැබී තිබේ.
යාපනයේ කෝපායි අච්චුවේලී වල්ලෙයි ප්‍රදේශයේ උපත ලැබූ අරවින්දන් කුමාරස්වාමි යාපනය විශ්ව විද්‍යාලයෙන් මහාචාර්ය්ය වරයෙකු බවට පත් වීමෙන් පසුව ලන්ඩනයේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් මෙන්ම බර්මින්හැම් කාන්තා රෝහලේ නාරිවේද, ප්‍රජනක වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යකර්ම පිළිබඳ උපදේශකවරයෙක් වශයෙන්ද කටයුතු කොට තිබේ.
බ්‍රිතාන්‍ය මහ රජතුමාගේ උපන්දිනය වෙනුවෙන් ඔහුට මෙම සම්මානය පිරිනමා තිබේ.
මහාචාර්ය අරවින්දන් කුමාරස්වාමි බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට සහ පවුල්වලට උපකාර කිරීම සඳහා කරන ලද පර්යේෂණ තුළින් ඔහු කළ සේවය අගයමින් මහරජතුමා විසින් එම සම්මානය පිරිනමා ඇත.
Order of the British Empire සම්මානය 1917 දී පස්වන ජෝර්ජ් රජු විසින් පිහිටුවන ලද්දේ යුධමය නොවන භූමිකාවක සේවය කළ පුද්ගලයින්ට ගෞරව කිරීම සඳහාය.
කලාව, විද්‍යාව, පුණ්‍ය කටයුතු සහ රාජ්‍ය සේවය සඳහා වූ දායකත්වයට ගෞරව කිරීම සඳහා මෙම සම්මානය ලබා දුන්නේය.
මෙම සම්මානය මිලිටරි සහ සිවිල් යන දෙ අංශයේම ඛාණ්ඩ පහකින් සමන්විත ය.







