යාපනයේ මැරයන් තවම වැඩ… නිවාස 06කට පහර දෙයි… දෙකකට ගිනි තබයි..

දියසේන රතුගමගේ

යාපනයේ කප්පම් ගැනීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත  මැර කණ්ඩායමක් ඔවුන්ට ප්‍රති විරුද්ධ කණ්ඩායම්වලට අයත් සාමාජිකයින්ගේ නිවාස හයකට ඊයේ (27)   ප්‍රහාර එල්ල කොට නිවෙස් දෙකකට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

යාපනයේ වඩමරච්චි අල්වායී ප්‍රදේශයෙ නිවාස හයකින් දෙකකට ගිනි තබා අනෙක් නිවාසවල භාණ්ඩ කුඩුපට්ටම් කොට පලා ගොස් තිබේ.

පෙට්‍රල් වත්කොට නිවාස වලට ගිනි තැබීමෙන් පසුව නිවෙස් අයිතිකරුවන් පේදුරුතුඩුව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව මේ සිද්ධීන්ට සම්බන්ධ බවට සැක කෙරෙන එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.


පේදුරුතුඩුව පොලීසිය පවසන්නේ මෙම අපරාධ සිදු කළ  කණ්ඩායම  යාපනයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට හා කප්පම් ගැනීමේ සිද්ධීන්ට සම්බන්ධ පිරිස බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version