යාපනයේ දී පොලිස් නිලධාරියාට කෙටූ අපරාධ කරුවන් කොටු වේ

අපරාධකරුවන් දැක්වෙන සී.සී.ටී.වී දර්ශන

දිනසේන රතුගමගේ –

යාපනයේ කන්කසන්තුරේ පොලීසියට අනුයුක්තව සේවය කරණ දෙමළ ජාතික උප පොලිස්පරීක්ෂකවරයෙකුව කඩුවකින් කපා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තුන් දෙනෙකු කන්කසන්තුරේ පොලීසිය විසින් 24 දා අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ කීරමලේ ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත මුතුලිංගම්  උදයශාන්තන්  නැමති මෙම උප පොලිස් පරීක්ෂකවරයා අදාල ස්ථානයට ගිය අවස්ථාවේ දී  ගැටුම ඇති කරගෙන තිබූ දෙපාර්ශ්වයෙන් එක් අයෙකු කඩුවකින් උප පොලිස් පරීක්ෂකවරයාට පහර දී තිබේ.

පහර කෑමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා දුව ගොස් අසල නිවසක උදවියගෙන් ආධාර ඉල්ලා ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගෙන ඇත.


නිවැසියන් මෙම පොලිස් නිලධාරියාව ඔවුන්ගේ නිවස තුළට දමා දොර වසා කෑකෝ ගැසීම නිසා කඩුවක් රැගෙන උප පොලිස් පරීක්ෂකවරයා පසු පස එළවූ තැනැත්තා පලාගොස් තිබේ.

තුවාල ලැබූ උපපොලිස් පරික්ෂකවරයා  තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කරන ලද අතර පසුව ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කන්කසන්තුරේ පොලීසිය සීසීටීවී කැමරා හා මහජනතාවගෙන් ලද තොරතුරු මත යාපනයේ පුද්ගලයින් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන්  මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කන්කසන්තුරේ පොලීසිය පියවර ගෙන ඇත.

Exit mobile version