යාපනයේ තවත් කෝවිලක් කොරෝනා පතුරුවයි… කෝවිල අවට හුදකලා කර 58ක් නිරෝධායනයට…

දිනසේන රතුගමගේ –

යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ තවත් කෝවිලක පවත්වන ලද ගණදෙවි පූජාවකට සහභාගී වූ  බැතිමතුන් හතර දෙනෙකු කොරෝනා ආසාදිතයින් වීමත් සමගම එම පූජාවට සහභාගී වූ පිරිසෙන් හඳුනාගත් බැතිමතුන් 58 දෙනෙකු ඊයේ (28) සිට  ස්වයං නිරෝධායනයට ලක් කොට තිබේ.

යාපනයේ  කොණ්ඩාවිල් නෙට්ටිවිජ්ජායී ගණදෙවි කෝවිලේ මෙම  ගණදෙවි පූජාව පවත්වා ඇති අතර රාත්‍රියේ පවත්වන ලද එම පූජාවට  බැතිමතුන් 200 කට අධික පිරිසක් සහභාගී වූ බවට  නල්ලූර් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට තොරතුරු ලැබී තිබේ.

ඒ අතරින් 58 දෙනෙකු හඳුනාගෙන ඔවුන්ව නිරෝධායන කටයුතු සඳහා යොමු කොට ඇති සෞඛ්‍ය නිලධාරීන් ඉතිරි පිරිසට වහාම ඔවුන් පිළිබඳ තොරතුරු සපයා දෙන ලෙස ඉල්ලීමක්ද කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම කෝවිල ආශ්‍රිත ප්‍රදේශය හුදෙකලා කිරීමට ද යාපනයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

Exit mobile version