යාපනයේ කම්ෂාජිනී නෝර්වේ පාර්ලිමේන්තුවට….

දිනසේන රතුගමගේ –

2021 සැප්තැම්බර් 13 දින නෝර්වේහිදී අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනයේ කාන්තාවකට නෝර්වේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසනයක් හිමි වී තිබේ.

යාපනයේ ඉපදී වයස අවුරුදු තුනේදී නෝර්වේ රාජ්‍යය වෙත ගිය කම්ෂාජිනී ගුණරත්නම් ලේබර් පක්ෂයෙන් නෝර්වේ පාර්ලිමේන්තුවට තරග කොට මෙම මන්ත්‍රී අසුන දිනාගෙන තිබේ.

2015 ඔක්තෝබර් 21 දා පැවති නෝර්වේ නගර සභා මැතිවරණයේදී ඇය නියෝජ්‍ය නගරාධිපතිනිය වශයෙන් තේරී පත් වූ අතර යළි 2019 වසරේදීද එම තනතුරටම මහජන ඡන්දයෙන් පත් වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2021 නෝර්වේ මහ මැතිවරණයේදී ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බවට පත්ව ඇත.

Exit mobile version