යාපනයට කොරෝනා ගෙනා පාස්ටර් වරයා යළි පැමිණෙයි

දිනසේන රතුගමගේ

කොරෝනා වසංගත සමයේදී යාපනයේ ජනතාව ඇතුලු රටේ සියලුමදෙනා අතර කතා බහට ලක් වූ පෝල් සත්කුණරාජා පාස්ටර්වරයා කටුනායක ගුවන් තොටුපල යළි විවෘත කළ විගස ලංකාවට පැමිණෙන බව නිවේදනය කොට තිබේ.

එම පාස්ටර්වරයා මෙවරද පැමිණෙන්නේ යාපනයේ අරියාලේ ප්‍රදේශයේ පිහිටි පිලදෙල්පියා මිෂනාරී සභාව හෙවත් ස්විස් දේවස්ථනයටය.


ස්විස්ටර්ලන්තයේ ආධාර මත පාලනය වන එම දේවස්ථානයේ සංවර්ධන කටයුතු රැසක් වෙණුවෙන් හා පාස්ටර්වරයාගේ යාපනයේ සිටින ඥාතීන් හමු වීම සදහා එම සංචාරය සිදු වන බවද වාර්තාවේ.

පෝල් සත්කුණරාජා පාස්ටර්වරයා ස්විස්ටර්ලන්තයේ සිට නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ මෙවර සංචාරයේදී ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් හමුවී ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීම සදහා කාලය වැය කරණ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් 2020 වසරේදි යාපනයට පැමිණීමෙන් පසුව තමාට කොරෝනා වෛරස් රෝගය වැළදුණු අතර ඒ හේතුවෙන් යාපනයේ සහ තවත් පළාත් ගණනාවක ජනතාව පීඩාවට පත් වූ බව සදහන් කරණ පාස්ටර්වරයා එහිදී ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය තමන් පිළිබදව වෛරීය චේතනාවකින් නොබැලීමත් විරුද්ධව ප්‍රවෘත්ති පල නොකිරීමත් නිසා තමන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වල සමබරතාවය හා මානුෂීය භාවය අගය කරණ බවද සිය නිවේදනයේ සදහන් කොට තිබේ.

Exit mobile version