දිනසේන රතුගමගේ-
යාපනය ශීක්ෂණ රෝහලේ උද්ගත වී ඇති ඔක්සිජන් හිගයට පිළියමක් වශයෙන් දිනපතාම අනුරාධපුර ශීක්ෂණ රෝහලෙන් දිනකට සිව් වතාව බැගින් ඔක්සිජන් ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ෂන්මුගනාදන් ශ්‍රී බවානන්දරාජා ඊයේ ( 3 ) සිට පියවර ගෙන තිබේ.
යාපනයෙන් හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහල යාමත් සමගම ඔක්සිජන් මත යැපෙමින් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රෝගින් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. යාපනය ශීක්ෂණ රෝහලට ඔක්සිජන් තොග ලැබෙන තුරු මේ ක්‍රියාදාමය අනුගමනය කිරීමට සිදුව ඇති බවද වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.
යාපනය ශීක්ෂණ රෝහලේ සාමාන්‍ය ඔක්සිජන් අවශ්‍යතාවය දිනකට සිලින්ඩර් 100 ත් 120 ත් අතර ප්‍රමාණයක්ව තිබියදී කොරෝනා රෝගින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම යාපනය ශීක්ෂණ රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාවය දිනකට සිලින්ඩර් 180 ත් 210 ත් අතර ප්‍රමාණයකට ඉහළ ගොස් ඇති බවද වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.
යාපනය ශීක්ෂණ රෝහලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය කොළඹින් යාපනයට ලැබෙන තුරු දිගටම යාපනය ශීක්ෂණ රෝහලේ අවශ්‍යතාවයන් සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර් ලබා ගන්නා බවද යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ෂන්මුගනාදන් ශ්‍රී බවානන්දරාජා සදහන් කළේය.