බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළිත් වරක් කඩන්න හැදූ සොයිසා ගොඩනැගිල්ල නොකඩන්නැයි යළිත් අගමැති නියෝග!

සොයිසා ගොඩනැගිල්ල හෙළි කළ කතාව... අගමැතිවරුන්ගේ නියෝග වලටත් උඩින් ගිය පුරාවිද්‍යා ඩීල්වල මුල මැද අග..

by editor
අගෝස්තු 24, 2021
in පුවත්
soza-bulding

සොයිසා ගොඩනැගිල්ල 2014 ජූනි

Share on FacebookShare on Twitter

අගමැතිවරු දෙදෙනෙක් විසින් තුන් වරක් කඩා ඉවත් නොකරන ලෙස උපදෙස් ලබා දුන් අග්‍රාමාත්‍ය උපදේශක  මණ්ඩල දෙකක් කඩා ඉවත් කිරීම ප්‍රතික්ෂේප කළ කොම්පඤ්ඤවීදිය සොයිසා ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු උපදෙස් මත යළිත් මීට දින දෙකකට පෙර   කඩා ඉවත් කරමින් සිටිය දී  යළිත්  අගමැතිවරයා විසින් ලබා දුන්  නියෝගක් මත නවත්වා ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව මේ විනාශය වළක්වා නියෝගයක් නිකුත් කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර තිබේ.  ඒ වනවිට ගොඩනැගිල්ලේ කොටසක ජනෙල් උලුවහු ගලවා ගොඩ ගසා බිත්ති බිඳීම ආරම්භ කරමින් සිට ඇත.

මෙම භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ඉන්දියානු ටාටා සමාගම හා නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළම නිලධාරීන් පිරිසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහ මේ වනවිට සේවයේ යෙදෙන කණ්ඩායමකට සම්බන්ධවී දියත්  කර ඇති අදෘෂමාන ගනුදෙණුවක් මෙම ගොඩනැගිල්ල ගැසට් නොකර ප්‍රමාද කිරීමේ සිට එය ඉවත් කීරීම දක්වා වැඩ කොටස සක්‍රීය කරමින් ඇත්තේ      රටේ අගමැතිවරයාගේ උපදෙස් ද අභිබවා යමින් බව   මේ පිළිබඳව කළ විමසීමක දී අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කළේය.

සොයිසා ගොඩනැගිල්ල-

මෙම ගොඩනැගිල්ල සුවිශේෂි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන හෙයින් එම ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාව, නගර නිර්මාණය හා පුරාවිද්‍යාව උගන්වන විශ්ව විද්‍යාලයන්හි ආචාර්යවරුන්ගේ අවධානයට ලක්වන සිසුන්ගේ අධ්‍යයන කටයුතු සදහා යොමුකරන ගොඩනැගිල්ලකි. එනමුත් වසර 100 ට වඩා පැරණි මෙම ගොඩනැගිල්ල පුරාවස්තුවක් වශයෙන් ප්‍ර‍කාශයට පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කටයුතු කර නොතිබුනි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ නමුත් මෙය 2015ට පෙර පැවති රජය මගින් ක්‍රියාත්මක කළ කොම්පඤ්ඤවීදිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉන්දියානු ටාටා සමාගම වෙත පැවරීමට නියමිත ඉඩමට ඇතුළත් කර මෙම ගොඩනැගිල්ල පවරා දීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් කටයුතු කර තිබුනි.

එහිදී නාගරික සංවර්ධන අධිකාරිය මෙම ඓතිහාසික ගොඩනැගිල්ලේ   ඇති පෞරාණික අගය පිළිබද සැලකීමක්  නොකළ  අතර නීතිය අනුව  නිර්දේශ ලබා ගත යුතු පුරාවිද්‍යා බලපෑම් ඇගයීම පරීක්ෂණයක් සදහාද කටයුතු නොකළේය.

මෙම ව්‍යාපෘතියේ දේශීය උපදේශක වශයෙන් කටයුතු කළේ කහවිට ද සිල්වා ඇසෝසියේට්ස් සමාගමය. මේ පැරණි ගොඩනැගිල්ල පිළිබද නිවැරදි තොරතුරු එම සමාගම ටාටා සමාගම වෙත හෝ ඉන්දියානු උපදේශක සමාගම වෙත ලබා දී නැති බවත් දැන් හෙළි වී තිබේ. එසේ උපදෙස් ලබා නොදී යාබදව පිහිටි තවත් පැරණි ගොඩනැගිල්ලක් වන කාසල් හෝටලය එක් රැයකදී කඩා දැමීමටද කටයුතු කර තිබුණේ මෙම උපදේශක සමාගමේ මැදිහත් වීමෙනි.

ඒ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විරෝධය පලකර සිටි අතර එහිදී එම ආකෘතිය අනුව නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ටාටා සමාගම පොරොන්දු වුවද එලෙස ඉදිකල ගොඩනැගිල්ල පැවති ගොඩනැගිල්ලට සමාන නැති ඔවුන්ගේ අටමගලයක් වූයේය.

රනිල් වික්‍රමසිංහ අගමැති විරෝධය

මේ අවස්ථාවේ දී  මෙම සොයිසා ගොඩනැගිල්ල පිළිබදවද සාකච්ඡාවක් ඇති විය. එවක අගමැති රනිල් වික්‍ර‍මසිංහගේ උපදේශක ආර්. පාස්කරලිංගම් ගේ ප්‍ර‍ධානත්වයෙන් ඒ සම්බන්ධව රැස්වීම් කීපයක් පැවැත්විනි.  එම රැස්වීම් කීපයකදීම නියම වූයේ එම ගොඩනැගිල්ල සංරක්ෂණය කරන ලෙසයි.

මෙහිදී එවකට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වශයෙන් කටයුතු කළ වාස්තු විද්‍යාඥයෙක් මෙන්ම නගර නිර්මාණ ශිල්පියෙක්ද වූ මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් ද වූ ආචාර්ය ජගත් මුණසිංහ   මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කළ යුතුයි යන මතයේ සිටීම පාස්කරලිංගම් ගේ දැඩි විවේචනයට ද ලක්විය.

“ මේ වගේ ඓතිහාසික භූ සලකුණක් කඩා ඉවත් කර නගරයක් සැලසුම් කරන්න හදන ඔබ මොන ආකාරයේ නගර සැලසුම් වෘත්තිකයෙක් ද?“. ආර්. පාස්කරලිංගම්  කෙලින්ම ආචාර්ය ජගත් මුණසිංහගෙන් පිරිස මැද්දේම ප්‍රශ්න කළේය.

මෙම තත්ත්වය යටතේ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වරයාගේද පූර්ණ සහාය  ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා සංරක්ෂණ අංශය මගින් ගොඩනැගිල්ල සංරක්ෂණය සදහා අවශ්‍ය සැලසුම් සක්ස් කරන ලදී.

ගැසට් එක ප්‍රමාදයි

ඒ අතර මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් ප්‍ර‍කාශයට පත්කරන ලෙස කරන ලද ඉල්ලීම් සඳහා එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස සිටි මහාචාර්ය පී.බී.මන්ඩාවල හෝ පසුව පත්වූ ආචාර්ය සෙනරත් දිසානායක යන දෙදෙනාම උනන්දුවක් නොදැක්වූහ. විශේෂයෙන් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායකගේ මේ සම්බන්ධ හැසිරීම පිළිබඳව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක වෙනම විමර්ශනයක් අරඹා ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

මහින්ද රාජපක්ෂ අගමැතිගේ පළමු  හා දෙවන විරෝධය

2021 අප්‍රේල් මාසයේ  සුහුරුපායේ දී   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධ රැස්වීමක් පැවැත්විනි.  එම අවස්ථාවේ දී  යළිත් වරක් සොයිසා ගොඩනැගිල්ල කඩා දැමීමට යෝජනා ඉදිරිපත් විය.  අගමැතිවරයා එම යෝජනාවකළ නාගරික සංවර්ධන අධිකාරියේ වාස්තු විද්‍යාඥයන් දෙස බැලුවේ සිනා සෙමිනි. ඔහු ඉතාම පැහැදිලිව  රැස්වීමේ සිටි සියලු දෙනා අභිමුව   මෙම ගොඩනැගිල්ල නොකඩන ලෙස   නාගරික සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් ලබා දුන්නේය.

රටේ අගමැතිවරයා විසින් එවැනි සාධනීය උපදෙසක් ලබා දුන් විට නිලධාරීන් සිදුකළ යුත්තේ   ඒ අනුව රටේ අණ පනණත් ක්‍රියාත්මක කරවීමය.

මේ  අතර ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටුණේය. ඒ අවස්ථාවේ ජාතික උරුමයන් පිළිබද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍ර‍මනායකගේ නියමයෙන් එම අමාත්‍යාංශයේ  ලේකම් හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ද ස්ථානයට ගොස් සිදුවීම පරීක්ෂාකර බැලුවේය.  ගැසට් කර නැති බව කියමින් පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග බලාගෙන සිටියේය. තීන්දුවක් ගැනිමේ පෞරුෂය හෝ පරිචය මේ නිලධාරියාට නොතිබිනි. ඒ අවස්ථාවේ ඔහු නිසි බලධාරියා ලෙස ගොඩනැගිල්ල පිළිබඳ ලිඛිත නියෝගයක් හෝ නිර්දේශයත් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දීමට ක්‍රියා කළේ නැත.

නිරෝධායන ඇඳිරි නීතියෙන් පසු නීතිය අතට ගැනීම

දැනට පවතින නිරෝධායන ඇදිරි නීතිය ඇරඹුණු මීට දින දෙකකට පෙර මෙම ගොඩනැගිල්ල කඩා දමීම යළිත් ආරම්භ වුණේය.  මේ බව වාර්තා වූ පසුව ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍ර‍මනායක   අගමැතිතුමා වෙත දන්වා එය අත්හිටුවන ලෙස නියෝගයක් ලබා ගත්තේය.

ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් මෙම කඩා දැමීම අත්හිටුවා ගොඩනැගිල්ල සංරක්ෂණය කරන ලෙස ඊයේ (23) නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා යැවුවේය.

කෙසේ නමුත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ටාටා සමාගම වෙත ඉඩම් ලබා දීමේදී මෙම පෞරාණික ගොඩනැගිල්ලේ වටිනාකම නොසැලකීම, දේශීය උපදේශක සමාගම මගින් නිසි උපදෙස් ලබා නොදීම, පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් පරීක්ෂණයක් සිදු නොකිරීම යන හේතු මත මෙම අනීතික සංකීර්ණය ඇති වී ඩීල් ගොඩක් නිර්මාණය වී ඇත.

කිසිදු තාර්කික හේතුවකින් තොරව මෙය පුරාවස්තුවක් වශයෙන්  ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කිරීම කල් ගොස් තිබේ.  තත්වය උග්‍ර වී ඇත්තේ එබැවිනි.  මේවන විටද මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක්යක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නිවේදනය සකස් කර බුද්ධ සාශන හා සංස්කෘත්ක කැබිනට් අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත යොමු කර මාසය‍ක් පමණ ගත වී තිබේ. එහෙත් මේ අරුම පුදුම  නිලධාරියා මේ ගතවන මොහොත වනවිටත්  තමන්ගේ නිර්දේශ සහිතව විෂය භාර අමාත්‍ය වරයා වන අගමැති තුමා වෙත එය ඉදිරිපත් කිරීමට කටයුතු කර නැත. එසේ කරන මේ ලේකම් තැන  මීට සති තුනකට පෙර පුරාවිද්‍යා නිලධාරීන්ට කියා තිබුනේ සංවර්ධන කටයුතු වලට බාධා නොකරන ලෙස අගමැතිවරයා තමන්ට උපදෙස් ලබා දුන් බවය.

එමෙන්ම ලංකා ඉතිහාසයේ මුල්ම දේශපාලන පත්වීම ලෙස  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් වී පැමිණි මහාචාර්ය අනුර මනතුංග  ද මෙය ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් ප්‍ර‍කාශ කර නැත.  මේ පුදුමාකාර පුරාවිද්‍යා අධයක්ෂ ජනරාල්වරයා   කියන්නේ  පුරාවස්තුවක් බේරා ගැනීම සඳහා මැදිහත් වීමට නොහැකි බවය. හේතුව ගැසට් කර නොතිබීමය.

එවැනි කණවැන්දුම් කතා අහන්නට මේ රටට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයක් අවශ්‍ය නැත. පුරාවස්තුවක් සම්බන්ධ ක්‍රියා කරන්නට එම පුරාවස්තුව ගැසට් කරන තුරු බලාගෙන ඉන්න නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් අවශ්‍ය නැත. බේරා ගන්න පුරාවස්තු ගැසට් කරන තුරු සිටියානම් මේ රටේ පුරාවස්තුවලින් අඩක්වත් දැන් අප ඉදිරියේත් නැත.

කුජීත වී ඇති රටක විද්වතුන් නැත. වෘත්තිකයන් නැත. ඉන්නේ ප්‍රතිරූපක පමණි. මේ පෙනෙන්නේ රටේ අගමැති කියන දේ හෝ වටහා ගත නොහැකි අගමැතිලාගේම දේශපාලන පත්වීම්වල අසිරිමත් හැසිරීමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැණිකේ මගේ හිතේ.. ගීතයෙන් ජනපතිට උගත හැකි දේ ගැන සජබයෙන් කියයි

Next Post

සති පතා ඔක්සිජන් ලීටර ලක්ෂ 3ක් බැගින් ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.