සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදි – අනුර ගිවිසුම් ගැන කතාව ආණ්ඩුව අදත් මග හරී…

by editor
ජූනි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය අප්‍රේල් 4 සහ 5 දිනවල ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ද්වී පාර්ශවික ගිවිසුම්වල අන්තර්ගතය හා ස්වභාවය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී අද යළිත් ඇසූ නිශ්ඡිත ප්‍රශ්නයට නියමිත දිනයක් නම් නොකර කාලය ඉල්ලා ගැනීමට ආණ්ඩුව කටයුතු කළේය.

අදාල නිශ්ඡිත ප්‍රශ්නය අගමැතිවරියගෙන් ඇසුවේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරාය. පාර්ලිමේන්තුවේ නැවත නැවතත් ඇසූ මේ ප්‍රශ්නයට පිළිතුරු දීම තවත් කල් ඉල්ලීම ප්‍රශ්නය මගහැරීමට කරන උත්සාහයක් බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කරන බව අජිත් පී පෙරේරා පැවසුවේය.

අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නය මෙසේය.

  • ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2025/04/04 සහ 2025/04/05 දිනයන්හි ශ්‍රි ලංකාවේ කරන ලද සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද ගිවිසුම් ගණන කොපමණ ද?.
  • එම එක් එක් ගිවිසුමට අදාල විෂය පථයන් මොනවා ද?. එම එක් එක් ගිවිසුමට ශ්‍රි ලංකාව වෙනුවෙන් අත්සන් කරන ලද තැනැත්තන් කවුද?.
  • එම එක් එක් ගිවිසුමට අදාල විෂය භාර අමාත්‍යාංශ මොනවා ද?.
  • එම එක් එක් ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජයේ නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගන්නා ලද දිනයන් කවරේ ද?.
  • ඉහත කී ගිවිසුම් අත්සන්කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා ලද්දේ ද?.
  • එම එක් එක් ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකා අංක මොනවාද?.
  • ඉහත ගිවිසුම් සියල්ලේම පිටපත් අද දින සභා ගත කිරීමට පියර ගන්නේ ද?
  • රාජ්‍ය පාලනයෙ පාරදෘශ්‍ය භාවය ආරක්ෂා කිරීම සඳහා ඉහත කී එක් එක් ගිවිසුම සභාගත කිරීම අත්‍යවශ්‍ය බව ඔබ පිලිගන්නේ ද?.
  • එසේ නොමැතිනම් ඒ ඇයි?

මේ නිශ්චිත ප්‍රශ්නය සමගි ජන බලවේගයේ අජිත් පී පෙරේරා අද අගමැතිවරියට යොමු කළේය.

අගමැතිවරිය වෙනුවෙන් පිළිතුරු දුන් සභානායක බිමල් රත්නායක පැවසුවේ අගමැති තුමිය වෙනුවෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට කල් ගන්නා බවය. සභානායකවරයා කල් ගත්තේ නිශ්චිත දිනයක් ප්‍රකාශ නොකරමිනි.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

අජිත් පී පෙරේරා මේ ලියැවිලි ඉදිරිපත් කරන නිශ්ඡිත දිනයක් කිව හැකිදැයි විමසුවේය.

සභානායක බිමල් රත්නායක කීවේ අමාත්‍යාංශ කීපයකින් තොරතුරු ලබා ගැනීමට ඇති බැවින් ඉදිරි පාර්ලිමේන්තු වාරයක දී තොරතුරු ලබාගෙන හැකි විගස හරි පිළිතුරක් ලබා දෙන බවය. නිශ්චිත දිනයක් හෝ ප්‍රකාශ කිරීම බිමල් රත්නායක විසින් මගහැරියේය.

මේ ප්‍රශ්නයට සම්බන්ධ ගිවිසුම අත්සන් කළේ 2025.04.04 හා 05 දිනවල. එතකොට මේ ගිවිසුම් පිළිබඳ මේ සභාවේ දිගින් දිගටම ප්‍රශ්න කළා. මේ ගිවිසුම් විධිමත් ලෙස සභාගත කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා කළා.

ඒ වගේම මේ ප්‍රශ්නයට ප්‍රමාණවත් තරම් කාලයක් ලබා දීලා ප්‍රශ්නය යොමු කරලා තියනවා.
එසේ තිබිය දී මෙම වැදගත් ප්‍රශ්නයට මේ රාජ්‍ය දෙක අතර තිබෙන ගිවිසුම්වල අන්තර්ගතය සහ ස්වභාවය පිළිබඳව නැවත කල් ඉල්ලීම මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම මගහැරීම සඳහා කරන උත්සාහයක් විදිහටයි මට පෙනෙන්නේ. මම කණගාටුවෙන් මේක කියන්නේ.

සභා නායකතුමා…නිශ්ඡිත දිනයක් කියන්න පුලුවන් ද මේ සඳහා පිළිතුරු දෙන්න?

බිමල් රත්නායක – එකක් තමයි අමාත්‍යාංශ කීපයකින් තොරතුරු ලබා ගන්න තිබෙනවා. ඉදිරි පාර්ලිමේන්තු වාරයකදි අපි ඒ තොරතුරු ලබාගෙන පිළිතුරක් ලබා දීමට කටයුතු කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චම්පිකගේ කොළඹ සෙට් එක කොළඹ නගරසභාවේ එකම සභික ධූරයට මරාගනිති!

Next Post

ජාවාරමෙක් සතුව තිබූ බදු නොගෙවූ රුපියල් ලක්ෂ 75ක් වටිනා විදේශීය මත්පැන් බෝතල් 337ක් විනාශ කරදැමීමට අධිකරණය නියෝග කරයි! ( වීඩියෝ සහිතයි)

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.