මෝචරි පිරෙයි… තාවකාලික කන්ටේනර් පෙට්ටිවලට මිනී පටවයි..

මිය ගිය බොහෝ අය හඳුනාගන්නවත් කෙනෙක් නෑ... සමීප ඥාතීන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල

මධ්‍යම පළාතේ හා බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල්වල සියලුම මෘත ශරීරාගාර කොවිඩ් ආසාදිත මළ මිනී වලින් පිරෙමින් ඇති බව වාර්තා වේ.

මහනුවර, මාතලේ, කෑගල්ල, පේරාදෙණිය, රෝහල්වල මෘතශරීරාගාර පිරී ගොස් ඇත. මහනුවර හා පේරාදෙණිය රොහල්වල මෘත ශරීර තැන්පත් කරන ලාච්චුවලින් පිට බිමත් මල සිරුරු ගොඩ ගැසී ඇත. මහනුවර රෝහලේ එවැනි සිරුරු 08ක් දමා තිබේ.

ගම්පහ, රාගම, කළුබෝවිල, කොළඹ ජාතික රෝහල, පානදුර රෝහල, මේ තත්වයට බරපතල ලෙස මුහුණ දී තිබේ. අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල ඇති පොලිස් මොචරියේ සිරුරු ධාරිතාව ඉක්මවා ඇති බැවින් තාවකාලික කන්ටේනර් තුළ සිරුරු තැන්පත් කරමින් සිටී.

මේ මිය ගිය බොහෝ පුද්ගලයින් හඳුනා ගැනීමට ඔවුන්ගේ සමීප ඥාතීන්වත් නොමැති බවත් ඔවුන් බොහෝ විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල හෝ රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටින බවත් වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් මෝචරියේ ගොඩගැසෙන සිරුරු කන්ටේනර් ශීතාගාර තුළට…

 

Exit mobile version