දේශපාලන බලයට අවනත නොවූ මොරටුවේ වෛද්‍යවරියට විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආචාරය!

Urge the government to go for a strong vaccine roll out at least now!

doctor

සාර්ථක එන්නත්කරණයක් අතින් ලෝකයේම කීර්තියක් උපයාගෙන තිබු මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වනවිට දේශපාලන මැරයින් අතට පත්වී ඇති ආකාරය පිළිබඳව ඊයේ (27) රටටම දැක ගන්නට හැකි වූ බවත් එහිදි අභීතව ක්‍රියා කළ මොරටුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරියගේ හැසිරීම සම්බන්ධයෙන් තම ආචාරය පුද කරන බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මෙරට විශිෂ්ට එන්නත්කරණ වැඩසටහන දේශපාලනීකරණයෙන් සහ ඇතැම් බලවතුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනිමට ඇති අවසාන අවස්ථාවේ හෝ ක්‍රියා කරන්නැයි ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. කොවිඩ් වසංගතයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ආරම්භ කරන ලද එන්නත්කරණ වැඩසටහන මේ වනවිට දැඩි වියවුල් සහගත තත්ත්වයට පත්ව ඇති බවත් විශේෂයෙන් විද්‍යාත්මක එන්නත්කරණ වැඩසටහනක් වෙනුවට දේශපාලකයන් සහ බලවත් වෘත්තීය සංගම විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවටත් එම සංගමය පෙන්වා දෙයි.

ගාල්ලේ සහ කුරුණෑගලද මෙවැනි දේශපාලන මැදිහත්වීම් පිළිබඳව වාර්තා වී ඇති බව පෙන්වා දෙන ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තවදුරටත් මෙසේද තම නිවේදනයේ සඳහන් කරයි.


“ පසුගිය දිනවල ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එක් බලවත් වෘත්තීය සමිතියක් ක්‍රියා කරන ආකාරය අපි දුටුවා. විද්‍යාත්මක පදනමකින් යුතුව සිදුවිය යුතු එන්නත්කරණ ක්‍රියාවලිය මේ ආකාරයෙන් දේශපාලනික හෝ වෘත්තීය සමිතියක බලපෑමට ලක්වීම අප හෙලා දැකිය යුතුයි.

මේ තීරණාත්මක අවස්ථාවේ මෙම එන්නත්කරණ වැඩ සටහන සෞඛ්‍ය බලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදුණහොත් ඉදිරියටත් මෙවැනි කැලඹිලි සහගත සිදුවීම් ඇතිවිය හැකි බවට අප විශ්වාස කරනවා. අපේ රටේ ආර්ථිකය පිළිබඳව සැලකීමේදීත් මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කිරීම අතිශයින්ම වැදගත් කරුණක් බව ඕනෑම බුද්ධියක් සහිත කෙනකුට අවබෝධ විය යුතු කරුණක්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි තත්ත්වයක් තුළ අප බලධාරීන්ට යෝජනා කරන්නේ ප්‍රමාද වී හෝ මෙරට කොවිඩ් එන්නත්කරණය සඳහා විද්‍යාත්මක මෙන්ම පැහැදිළි සහ ස්ථාවර සැලසුමක් දියත් කළ යුතු බවයි.ඒ සඳහා විධිමත් ආනයනයක් සැලසුමක් නොමැති වුවහොත් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් බිඳ වැටීම වැළකිය නොහැකි වනු ඇත. එබැවින් අප බළධාරීන්ගේ ඉල්ලා සිටින්නේ සාර්ථක එන්නත්කරණයක් සඳහා අපට ඇති අන්තිම අවස්ථාවේ හො ක්‍රියාත්මක වී අදාළ පියවර ගන්නා ලෙසයි.

Exit mobile version