මොරකවක කොඩිකාරගොඩට පොලිස් ආරක්ෂාව තර කරයි.

පොලිසියේ අනිසි බලපෑමෙන් අසරණයෙක් මරුට - ගම්මු කුපිත වී පොලිස් නිලධාරීන් වටලති...

මාතර – උදය

සැක කරුවෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී සිදුකළ බව කියන අනිසි බලපෑමක් හේතුවෙන් අහිංසක පුද්ගලයෙක් මිය යෑමෙන් කුපිත වු ගම්වැසියන් පාලනය කිරිම සඳහා මේ වනවිට මොරවක කොඩිකාරගොඩ ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාව යොදා තිබේ.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

මොරවක පොලිසිය විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා කොඩිකාරගොඩ ප්‍රදේශයේ එම සැකකරු ජිවත්වන නිවසට ගොස් තිබේ. පොලිසිය යන අවස්ථාවේ දී සැකකරු නිවසේ රැඳි සිට නැත. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ පියා පොලිසිය වෙත රැගෙන යෑමට උත්සාහ කර තිබේ.


මෙම වියපත් මනුෂ්‍යයා හෘද රෝගයක් නිසා ප්‍රතිකාර ගිනිමින් සිටි පුද්ගලයෙකි.  පොලිසිය  ඔහුව රැගෙන යෑමට උත්සාහ කරත්ම දහදිය දමා ක්ලාන්ත වූ ඔහු එතැනම මියගොස් තිබෙ.

සිද්ධිය සැලවූ පසු ගම්වාසීහු පැමිණ පොලිස් නිලධාරීන් වටකරගෙන ඔවුන්ට  පිටවීමට නොදී රඳවාගෙන ප්‍රචණ්ඩකාරීව හැසිරීමට පටන් ගෙන තිබේ.  මේ වනවිට තත්ව පාලනය කර ඇති බවත් ගම්මානයට විශේෂ පොලිස් ආරක්ෂාව යොදා ඇති බවත් පොලිසිය කියයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබඳ කාරණා කීපයක් ඔස්සේ විමර්ශනය කිරිම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බව වාර්තා වේ.

Exit mobile version