හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරියවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා තිබේ.
හිටපු ජනාධිපතිවරයා සිය ධුර කාලය තුළ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවර කළ පෞද්ගලික සංචාරයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇයට අද (20) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර, රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධ මෙම කරුණ පසුගිය පෙබරවාරි 18 වනදා අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.







