මේ සැරේ ඡන්දෙට විදෙස් නිරීක්ෂකයන් කවුරුවත් නෑ

ලබන අගොස්තු 05 වැනිදා පැවැත්වෙන  මහ මැතිවරණය සඳහා කිසිදු විදේශ නිරීක්ෂකයකු සහභාගී නොවන බව වාර්තා වේ.

මෑත ඉතිහාසයේ විදේශ නිරීක්ෂකයන්ගෙන් තොරව පැවැත්වෙන ප්‍රධාන පෙළේ මැතිවරණයක් ලෙස මෙවර මහ මැතිවරණය ඉතිහාසයට එක් වීමට නියමිත වන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකය පුරා ගමන් බිමන් සීමා වී තිබීමය.

මැතිවරණ කොමිසම මඟින් මීට මාසයකට පමණ පෙර විදේශ අමාත්‍යංශයෙන් යුරෝපා සංගමය සහ තවත් ආසියාතික මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන්ට මෙරටට පැමිණීමට පහසුකම් සපයන ලෙස ඉල්ලා සිටියද ඔවුන් මෙරටට පැමිණීමේ දී අනුගමනය කළ යුතු නිරෝධායන පිළිවෙත් ඇතුළු සෞඛ්‍යාරක්ෂිත පියවර සංකීර්ණ වීම මෙම නිරීක්ෂකයන් ගෙන්වා ගැනීමේ එක් බාධාවාක් විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම තවමත් ලෝකය පුරා ගුවන් සේවා නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් පැමිණෙන නිරීක්ෂකයන්ට විශාල දුෂ්කරතාවන්ට ලක් වීමට ද සිදුවේ. මෙම තත්ත්වය හමුවේ විදේශ නිරීක්ෂකයන් සහභාගී වීම මෙවර මහ මැතිරණයේදී සිදු නොවනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version