මනම්පිටිය – නිමල් ජයරත්න –
“මේ ආණ්ඩුව වසරක් පහක් තිබෙන්නත් පුළුවන්.. නැතිවෙන්නත් පුළුවන්”… හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කීවේය.
තමා ඉදිරියටත් දේශපාලනය කරන බවත්, හිතුණොත් මැතිවරණවලටත් තරග කරන බවත් ඔහු පැවසුවේය. මහ මැතිවරණය වෙනුවෙන් පොළොන්නරුව නව නගරයේ විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේදී තම ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“සර්ව ජන බලය අලුත් දේශපාලන පක්ෂයක් ලෙස විශාල බලයක් ලබාගෙන එනවා. අලුත් දේශපාලන පක්ෂයක් ලෙස සර්ව ජන බලයට හොඳ නායකයෙක් ඉන්නවා. එබැවින් මෙම මැතිවරණයේදී සර්ව ජන බලයට හොඳ බලයක් ලබාගත හැකියි කියලා මා විශ්වාස කරනවා. ”
” ඒ වගේම අලුත් ආණ්ඩුවක් හැටියට මෙම ආණ්ඩුවේ හොඳ දේවල්වලට මගෙ සහයෝගය ලබා දෙනවා. රටට, ජනතාවට, අහිතකර දෙයක් ඇත්නම් ඒවාට විරුද්ධ වෙනවා. ” මෛත්‍රීපාල කීවේය.
මෙම මැතිවරණයේ දී සිය පුත් දහම් සිරිසේන වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වී සිටි මෛත්‍රිපාල සිරිසේන මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ නැත.







