අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ අවුරුද්දේ බංකොලොත්වන රටවල් 03න් එකක් ලංකාව…

ජාත්‍යාන්තර මූල්‍ය ආයතන උපුටා දක්වමින් අනුර කුමාර දිසානායක කියයි....

by editor
මාර්තු 11, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

මේ වසරේ රටවල් තුනක් බංකළොත්වන  බව ජාත්‍යන්තර මූල්‍ය ආයතන අනතුරු හඟවා ඇති බවත් ඉන් එක් රටක් ලංකාව බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු මේ ප්‍රකාශය කළේ ඊයේ (10) කොළඹ නව නගර ශාලාවේ පැවති සංවාදශීලී සම්මන්ත්‍රණයකදී ය.

මේ සිදුවන ආර්ථික බංකොළොත්භාවයත් සමග චීනය, ඉන්දියාව හා ඇමරිකාව වැනි රටවල්  වෙත රටේ ස්වාධිපත්‍යය විවෘත කර දුන් වසර 73ක පාලනය අවසානයේ දී අප ගෙන ඇවිත් ඇති ස්ථානයේ බිහිසුණු ස්වරූපය ගැන ඔහු වැඩිදුරටත් කරුණු දැක්වූයේය.

එහිදී කතා කළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ආර්ථික අර්බුදය, ආර්ථික ක්ෂේත්‍රයේ විතරක් රැඳෙන්නේ නැහැ. ආර්ථික අර්බුදයෙන් සමාජ අර්බුදයන් නිර්මාණය කරනවා. සෑම ක්ෂේත්‍රයකම පැවැත්මට තර්ජනයක් එල්ල කරනවා. අනාගතය පිළිබඳව අවිනිශ්චිත තාවයක් නිර්මාණය කෙරෙනවා.

මේ නිසා ආර්ථිකයේ ඇතිවී තිබෙන අර්බුදය ගැන අපි සැලකිය යුතු අවධානයක් යොමුකළ යුතු වෙනවා. “

“ ආර්ථිකයේ මතුවී තිබෙන ප්‍රධානම ගැටලුව ණය අර්බුදයයි. රටක් හැටියට අපේ ණය ධාරිතාව ඔරොත්තු නොදෙන මට්ටමක තිබෙනවා. 2000 වසරේදී මුළු ණය ප්‍රමාණය බිලියන 1218යි. 2005 වෙනකොට බිලියන 2219යි. අවුරුදු 05කදී බිලියන 1008කින් ණය වැඩි වුණා. 2010 වෙන කොට බිලියන 4594 දක්වා වැඩිවුණා. 2015 වෙනකොට 8599ක්. 2019වෙන කොට බිලියන 6000කින් වැඩිවෙනවා. 2020 සහ 2021 අපේක්ෂා කරන ණය ගැනීම බිලියන 5872ක්. ඒකෙන් බිලියන 5800ක් විතර නැවත ණය ගෙවීමට. 2021අවසන් වන විට අපේ ණය පංගුව බිලියන 17300දක්වා ඉහළ යනවා.

2012 ඉඳන් අපේ ණය ගිණුම්ගත කිරීමට අලුත් ක්‍රමයක් හඳුන්වා දුන්නා. ආණ්ඩුවේ ණය වෙනමත් රාජ්‍ය ආයතන සතු ණය වෙනමත් ගිණුම්ගත කළා. උදාහරණයක් හැටියට හම්බන්තොට වරාය හදන්න ණය ගත්තේ වරාය අධිකාරිය. ඒ ණය රජයේ හැටියට නෙවෙයි වරාය අධිකාරියේ ණය හැටියට ගිණුම්ගත කළා. 2021 අවසන් වන විට රුපියල් බිලියන 17300ක ණය පංගුවට රාජ්‍ය ආයතනවල ණය ඇතුළත් වෙන්නේ නැහැ. මාර්ග සංවර්ධන අධිකාරියේ, එයාර් ලංකා එකේ, පෙට්ට්‍රොලියම් එකේ, විදුලි බලමණ්ඩලය ආදී රාජ්‍ය ආයතනවල ණය බිලියන 1300යි. 2021 ඉවර වෙනකොට රටේ මුළු ණය බිලියන 18600යි. ඒක පුද්ගල ණය පංගුව ලක්ෂ 09 ඉක්මවනවා.

1981දී ඒක පුද්ගල ණය පංගුව රු:4357/-යි. 2005දී 113,000යි. 2015 වෙනකොට 418,000යි. 2021දී 900,000 ඉක්ම වනවා. අපේ රටේ ආර්ථිකය, රජයේ ආදායම වගේ සාධක සලකා බලනකොට අපිට දරාගන්න බැරි ණය පංගුවක හිරවෙලා ඉන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් ඔය ණය ගෙවන්නේ අපේ පොකට් එකෙන් නෙවෙයි කියලා. නමුත් භාණ්ඩවලට බදු ගහලා, දඩ ගහලා, ලියාපදිංචි ගාස්තු විදිහට මහා භාණ්ඩාගාරයට අයකර ගන්නේ අපේ සල්ලි. ණය ගෙවන්නේ භාණ්ඩාගාරයට ලැබෙන බදු මුදලින්.

2020දී අපේක්ෂිත බදු ආදායම බිලියන 1,550ක්. නමුත් උපරිම වශයෙන් ලැබෙන්නේ රු.බිලිය 1,350යි. ණය පොලිය සහ ණය වාරික වශයෙන් 2020දී රුපියල් බිලියන 1,854ක් ගෙවන්න සිදුවුණා. ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 500ක් විතර අමතරව ණය ගන්න සිද්ධ වුණා, ණය වාරික සහ පොලිය ගෙවන්න විතරක්. අනෙක් සියලු වියදම් සඳහා ආණ්ඩුව ණය ගන්න ඕනෑ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාමි වැටුප් ගෙවන්න කෝටි 90,000ක් ඕනෑ. සෞඛ්‍ය සඳහා කෝටි 15,900ක්, ප්‍රවාහනය සඳහා කෝටි 4,100ක්, අධ්‍යාපනය සඳහා කෝටි 12,600ක්, ආදී සියළු වියදම්වලට ණය ගන්න වෙලා. අවුරුදු 73ක් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපිට දරාගන්න බැරිතරම් ණයක් ගොඩගැහිලා. 2021 අපේක්ෂිත ආදායම බිලියන 1919යි. ණය පොලී වාරිකය ගෙවන්න බිලියන 2117ක් යනවා.

භාණ්ඩාගාරයට ලැබෙන මුළු ධනයම ණය පොලී සහ වාරිකය ගෙවන්න ප්‍රමාණවත් නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එජාපය හැරගිය අය ආපසු ගන්න රහස් සාකච්චා

Next Post

උපන්දින තෑග්ග… රන්ජන්ට සති 02කට අමුත්තන් තහනම්..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.