“මේඩ් ඉන්  ශ්‍රී ලංකා සේලයින්“ ලෝකයට දෙන අයුරු එස්.පී.එම්.සී සභාපති කියයි!

මහනුවර පල්ලෙකැලේ දේශීය සේලයින් නිශ්පාදනය ආරම්භ කරනු ලැබුවේ සේලයින් ගෙන්වීම සම්පූර්ණයෙන් නවත්වා  ඉදිරි ඉලක්කයක් ලෙස සේලයින් බෝතල් දෙකෝටි  දෙකක් අපනයනය කිරීමේ  අපේක්ෂාව සහිතව බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ  පැවසීය.

පල්ලෙකැලෙන් මේ ආරම්භ වූයේ වසරකට සේලයින් බෝතල් මිලියන 43ක් මෙරට නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය බව ද ඔහු කීවේය.  

වාර්ෂිකව රජයේ රෝහල් සදහා සේලයින් බෝතල් මිලියන 18ක්ද ඉතිරි බෝතල් මිලියන 25ක ප්‍රමාණය පෞද්ගලික රෝහල් සහ විදේශ වෙළදපල සදහා ද නිපදවන බව  ඔහු පෙන්වා දුන්නේය.


පෞද්ගලික ආයෝජනයක් යටතේ ආරම්භ කල මෙම නිෂ්පාදන ආයතනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප‍ූර්ණ අධීක්ෂණයට හා අනුමැතියට අනුව සේලයින් නිෂ්පාදනය කරන අතර  සංස්ථාවේ නිල ලාංජනය යටතේ  බෙදා හැරීම සිදුකරණ බවද සභාපතිවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ අනුමැතිය ඇතිව ජාත්‍යන්ත ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කරන මෙම  කර්මාන්තශාලාව මගින් රජයේ  උපාධිධාරීන්  125 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 250ට රැකියා අවස්ථාවන් හිමිකර දී ඇතැයිද සදහන්වේ.

 

Exit mobile version