කීර්ති ප්‍රනාන්දු –
ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන හැත්තෑවක පමණ පාඩුවක් ලබන බවත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ද ඉහළ දැමීම කළ යුතු බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසයි
අද වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56 ද ඩීසල්වලින් රුපියල් 31.46 ද තෙල් සංස්ථාවට අලාභයක් සිදු වී ඇතැයි පවසන සභාපතිවරයා අගෝස්තු මස 31 වනදා වන විට රුපියල් බිලියන හැත්තෑවක පමණ පාඩුවක් දැරීමට සංස්ථාවට සිදුවී ඇතැයි පෙන්වා දෙයි.
මේ තත්වය තුළ ඉන්ධන මිල වැඩි කිරීම මිස වෙනත් විකල්පයක් නොමැති බැවින් රජය ඒ සඳහා අවධානය යොමු කරනු ඇතැයි විශ්වාස කරන බවද සභාපතිවරයා කියයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේය