බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙරට වියළි කලාපයේ “දේශගුණික සුහුරු වාරි කෘෂිකර්මාන්තය” ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලීමට ලෝක බැංකු නියෝජිත පිරිස ක්ෂේත්‍ර චාරිකාවක

by editor
ඔක්තෝබර් 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde)   සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser)  ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (29) අනුරාධපුර, තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්‍ර චාරිකාවකට එක් වූහ.

ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂිකා ඇනා බ්යාර්ඩේ

දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ  (Climate Smart Irrigated Agriculture Project -CSIAP) ප්‍රගතිය විමසා බැලීම මෙම සංචාරයේ අරමුණ විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය එක්සත් ජනපද නිල සංචාරය අතරතුරදී ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) සමඟ පැවැත්වු විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේශගුණික හිතකාමී තිරසාර කෘෂිකාර්මික වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා සහාය වන ලෙස කළ ඉල්ලීමට අනුව ඒ පිළිබඳ සොයා බැලිම සඳහා ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ පළමුවරට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ, මාන්නම්කුලම ගම්මානයේ “දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසල” නමින් ගොවි පුහුණු පාසලක් පිහිටුවීමට දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ පියවර ගෙන තිබේ.

දේශගුණික සුහුරු කෘෂිකර්මය භාවිතයන් සහ අති නවීන කෘෂිකාර්මික තාක්ෂණයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ගොවීන් වෙත ලබාදීම මෙම ගොවි පුහුණු පාසල මඟින් සිදු කරනු ලැබේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඒ අනුව දේශගුණ සුහුරු වාරි කෘෂිකර්මය පිළිබඳ පුහුණුව ලැබූ ගොවීන්ට සහතික පත් පිළිගැන්වීම ද මෙහිදී ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂිකා ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) ගේ සහභාගිත්වයෙන් සිදු විය.

ලෝක බැංකු ආධාර මත කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ අපනයනය ඉලක්ක කර ගත් රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට ද අනතුරුව නියෝජිත පිරිස එක් වුහ.

අදාළ ප්‍රදේශවල කුඩා වතු හිමියන්ගේ සහ ගොවි පවුලවල ආදායම සැලකිය යුතු මට්ටමින් වැඩිදියුණු කිරීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වී තිබෙන අතර රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

මෙහිදී අදහස් දැක්වු ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ කලාපයේ ගොවීන් සඳහා දේශගුණික විපර්යාස හා නවීන කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කෙරෙන පුහුණු පාසලක වැදගත්කම පෙන්වා දුන් අතර එම දැනුමෙන් ගොවීන් සන්නද්ධ කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ද පෙන්වා දුන්නාය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානාය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකෆුමි  කඩොනෝ (Takafumi Kadono), ලෝක බැංකුවෙ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කළමනාකරු චියෝ කන්දා (Chiyo Kanda), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයෙහි (USAID) නියෝජ්‍ය සහකාර පාලක අංජලී කෞර් (Anjali Kaur),  ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හදාද් සර්වොස් ((Faris Hadad-Zervos) ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයෙහි (JICA) දකුණු ආසියා ජ්‍යේෂ්ඨ උප සභාපති සචිකෝ ඉමෝටෝ (Sachiko Imoto)    සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) සහ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) යන ආයතනවල නියෝජිතයන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මීට  එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බීමතින් රිය පැදවූ SDIG ගේ ඇප ඉල්ලීම අවලංගුයි…

Next Post

පර්සි අංකල් යන්න ගිහින්….

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.