මෙරටට එන විදේශීය අන්තවාදීන් ගැන සොයන වැඩපිළිවෙළට අසාත් සාලි සහ උලමාවරු විරුද්ධ වුණා

යුධ හමුදා බුද්ධි ලොක්කෙක් ජනපති කොමිසමේදී හෙළි කරයි

මද්‍රසා පාසල්වල විවිධ ඉගැන්වීම් කටයුතු සඳහා විදේශ රටවලින් පැමිණෙන පුද්ගලයින් නිසි ලෙස හඳුනාගෙන නියාමනය කිරීම සඳහා හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළද ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, අසාත් සාලි සහ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සිය නොසතුට පළ කළ බව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අද (09) පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සුවිශේෂ අනාවරණයක් කරමින් ප්‍රකාශ කළේය.

එහිදී සාක්ෂි ලබා දෙමින් මෙම බුද්ධි අද්‍යක්ෂ මණ්ඩල නිලධාරියා තවදුරටත් ප්‍රකාශ කළේ අසාත් සාලි බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට පත් වූ දින හෝ ඊට පසු දිනම සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ පිරිසක් සමග පැමිණ ජාතික බුද්ධි ප්‍රධානී හරහා ආරක්ෂක ලේකම් හමු වී මද්‍රාසා පාසල්වල ඉගැන්වීමට පැමිණෙන පුද්ගලයන් අන්තවාදීන් නොවන බැවින් ඔවුන්ට ඒ සඳහා බාධා නොකරන ලෙසත් එම ඉගැන්වීම් කටයුතු කරදීමට ඉඩ දෙන ලෙසත් ඉල්ලා සිටි බවයි.

එසේම 2017 වසරේදී විවිධ ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් මෙරටට පැමිණීමට හැකියාවක් ඇති නිසා ඒ පිළිබඳව සුදුසු පියවර ගන්නා මෙන් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත ද ජාතික බුද්ධි ප්‍රධානීසිසිර මෙන්ඩිස් මහතා විසින් ලිපියක් යොමු කළ බවත් ඔහු සඳහන් කළේය. ඒ ලිපියට කිසිදු පිළිතුරක් නොලැබුණු බැවින් 2018 වසරේදීත් ජාතික බුද්ධි ප්‍රධානියාට ඒ පිළිබඳව යළිත් පොලිස්පතිවරයා දැනුවත් කිරීමට සිදුවූ බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පැවසුවේ විවිධ රට වල සිට මෙරටට පැමිණ ආගම් ප්‍රචාරණ කටයුතු සිදු කළ පුද්ගලයින් සහ, අයි.එස් වැනි ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ වී සිට නැවතත් මෙරටට පැමිණි අය පිළිබඳව 2017 සහ 2019 කාලය තුළ සතිපතා පැවැත්වෙන බුද්ධි සමාලෝචන රැස්වීම් වලදී සාකච්ඡා වූ බවය. ඒ අනුව එවැනි පුද්ගලයින් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව නියාමනය කිරීම සඳහා එවකට ජාතික බුද්ධි ප්‍රධානී විසින් අදාල ආයතන සමග වැඩපිළිවෙළක් සකස් කළා බවද ඔහු සඳහන් කඝේය. කෙකසේ වුවද අසාත් සාලිගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ මෙම විරෝධය මත එම වැඩපිළිවෙළ නතර වූ බවද එහු මෙහිදී සාක්ෂි දෙමින් අනාවරණය කළේය.

Exit mobile version