මෙදා යලත් අත්හැරෙයි… ලබන මහ කන්නයට සියලුම රසායනික පොහොර දෙනවා – කෘෂිකර්ම ඇමති!

මෙදා යලත් අත්හැරෙන බවත්, මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින  ලබන මහ කන්නයේ වගාවට ගොවීන්ට අනිවාර්යයෙන් යූරියා ඇතුළු  රසායනික පොහොර ලබා දෙන බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසයි.

ඉන්දියාවෙන් රසායනික පොහොර   මෙට්‍රික් ටොන් 65000ක් ලබා දීමට නියමිතව ඇති නමුත් මේ වනවිට ඉන්දියාව පොහොර අපනයනය නවත්වා ඇති බැවින්  ඒ සඳහා විශේෂ අවරසරයක් රැගෙන එම පොහොර තොගය ලංකාවට ගෙන්වා ගන්නා දිනය නිවැරදිව කිව නොහැකි බව ඇමතිවරයා පවසයි.

“පොහොර ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මෙන්ම  අග්‍රාමාත්‍යවරයාගේත් අනුමැතිය අවශ්‍ය වෙනවා. ජනාධිපතිතුමාට මා ඉල්ලීමක් කළා හැකි ඉක්මනින් ඒ ගැන සාකච්ඡා කරන්න කියලා. “

“ඒ පොහොර ලැබුණු විගස අපි ගොවි ජනතාවට ඒවා ලබා   දෙන්නවා. ප්‍රධාන වශයෙන් මහ කන්නයට අපි සූදානම් වෙන්නෙ. මේ  යල කන්නයේ යහපත් ප්‍රතිඵල අත්කර ගත නොහැකි වේවි. නමුත් යල කන්නය වෙනුවෙන් පුලුවන් උපරිම අයුරින් මැදිහත් වෙනවා. “


“යල කන්නයේ පොහොර ලබා දෙනවා බීජ  වී නිශ්පාදනය කරන අයට. මාස් කන්නයේ අනිවාර්යයෙන් සුපුරුදු ගොවිතැනට ගොවීන්ව ප්‍රවේශ කරන්න කටයුතු කරනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමතිවරයා කීවේය.

Exit mobile version