මුුලු අයි.ඩී.එච්. රෝහලටම ඇත්තේ එක් රුධිරකාන්දු පෙරණයක් පමණයි…

කොවිඩ් ආසාදනය වෙලා එන වකුගඩු රෝගීන්ට මාරන්තික වෙන්නේ පහසුකම් අඩු කම බව හෙළි වේ....

 නතාෂා නෙත්මිණි –                                        

කොරෝනා රෝගීන් ප්‍රතිකාර ගන්නා අයිඩීඑච් රෝහල සතුව ඇත්තේ එක් රුධිරකාන්දු පෙරණ යන්ත්‍රයක් පමණක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව මෙම රෝහලේ ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ට රුධිරය පිරිසිදුකර ගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 මෙහි සිටින වකුගඩු අකර්මන්‍ය  රෝගියෙකු දින දෙකකට වරක් හෝ රුධිරය පිරිසිදු කරගත යුතු වුවද සැලකිය යුතු රෝගීන් පිරිසක් මෙහි සිටින බැවින් එය දුෂ්කරකාර්යයක් වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරත් සදහන් කරයි.


 

Exit mobile version