බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුහුදු මහා විහාරයටත් හොඳටම කරලා… පුරාවිද්‍යා රක්ෂිතයේ ඉතිරි අක්කර 30න් 11 ඉවතට!

by editor
ජනවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

වර්ෂ 1965 මැයි මස 28 වැනිදා ගැසට් කර ප්‍රකාශ කරන ලද අක්කර 30යි, රූට් 03යි, පර්චස් 13ක මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා රක්ෂිත භූමියෙන් අක්කර 11 ඉවත් කිරීමට රජය සියලුම කටයුතු සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

පුරාවිද්‍යා රක්ෂිතයේ අක්කර 30ට අයත් මෙම අක්කර 11ක  භූමියේ  ජය භූමි ඔප්පු 41ක් සහිත පවුල් 57ක් ජීවත් වන බවත් ඔවුන්ට එම ඉඩම පැවරීම සඳහා පුරාවිද්‍යා රක්ෂිතයෙන් එම කොටස වෙන් කිරීමට සූදානම් බවත් මේ පිළිබඳව කළ විමසීමකදී  මුහුදු මහා විහාරාධිපති වරකාපොල ඉන්දසිරි නා හිමියෝ ලංකාසරට පැවසූහ.

වරකාපොල ඉන්දසිරි නා හිමි

රක්ෂිතය පැවති ආකාරය

“1951 ජනවාරි 26 සෙනරත් පරණවිතාන මහත්තයා මුහුදු මහා විහාරයට අක්කර 72යි රූඩ් තුනයි පර්චස් 13ක් පුරාවිද්‍යා රක්ෂිතය ලෙස වෙන් කරනවා. 1965 මැයි 28 මේක අක්කර 30යි රූඩ් 03යි පර්චස් 13ට  සීමා කරලා යළි ගැසට් එකක් නිකුත් කරනවා. ඒ භූමියෙන් අක්කර 11ක් තමයි මේ ගලවලා මුස්ලිම් මිනිස්සුන්ට දෙන්න යන්නෙ.“

උන්වහන්සේ කීවේ රටේ බෞද්ධ උරුමය ආරක්ෂා කරදීම සඳහා ඡන්දය ලබා ගත් පාලකයන් දැන් හැසිරෙන ආකාරය පුදුමාකාර ලෙස සිත් කළකිරවන බවය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

එක රටක එක නීතියක් නෑ

“රටේ මූලික නීතිය අනුව පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කළ භූමියක පදිංචි වීම නීති විරෝධීයි. එම භූමිය කැණීම ඊට හානි කිරීම පුරාවිද්‍යා ආඥා පණත අනුව   වසර ගණනක් ඇපත් නැතිව හිරේ විලංගුවෙ වැටෙන අපරාධයක්. ඒ අපරාධය නිවැරදි කරගන්න දැන් මේ අය රක්ෂිතයෙ ඉතිරිවෙලා තියන අක්කර 11ක් අයින් කරන්න යනවා.“

“ මම නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න මේ ආණ්ඩුව පත් කරගැනීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ කෙනෙක්. දැන් අපිව පැත්තකටම විසි කරලා පුරාවිද්‍යා රක්ෂිත භූමිය තුළ පදිංචි පිරිස් ඉවත් කිරීමට එරෙහිව,  ආණ්ඩුවට විරුද්ධව දේශපාලනය කරපු මුස්ලිම් දේශපාලකයෙක් එක්ක ආණ්ඩුව ඩීල් එකක් දාගෙන  ඔහු කියන විදිහට රටේ වලංගු නීතියත් වෙනස් කරනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා දැන් කියනවා ඒ පදිංචි වෙලා ඉන්න භූමියේ පුරාවස්තු නෑ කියලා. “

මතුපිට පුරාවස්තු නෑ…. වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගගෙන් ලංකාසර කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ එම භූමියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ ලබා දුන් නීත්‍යානුකූල ඔප්පු සහිතව පිරිසක් ජීවත් වෙමින් ඇති නිසා ඔවුන් එම භූමියෙන් ඉවත් කිරීම මේ වනවිට අනවශ්‍ය ගැටලුවක් ඇති කර තිබෙන බවය.

“ අපි භූමියේ ගවේෂණයක් කළා. එම අක්කර 11 තුළ මතුපිට පුරාවස්තු නිරීක්ෂණය වෙන්නෙ නෑ. ඒ නිසා පන්සලට ඒ ඉවත්වන භූමිය වෙනුවෙන් වෙරළ සංරක්ෂණයට අයත් රක්ෂිතය ඇතුළු තවත් ඊටත් වඩා වැඩි  ඉඩම් කොටසක් ලබා දීමට මේ වනවිට අවශ්‍ය සාකච්ඡා පවත්වමින් යනවා. තව සති දෙකක් තුළ යම් තීන්දුවක් ගන්න අප කටයුතු කරනවා.“ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මනතුංග එසේ කීවේය.

වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සහ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක…

පුරාවස්තු තියනවා – හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

එහෙත් පසුගිය 2020 මැයි මස 28 වැනිදා බීබීසී ලෝක සේවයට ප්‍රකාශයක් කළ එවකට පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානාය කීවේ    වර්ෂ 1951 දී සෙනරත් පරණවිතාන මහතා විසින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කළ අක්කර 71න් අක්කර 40ක් වර්ෂ 1965 දී ඉවත් වී ඇත්තේ අක්කර තිහක පමණක් පුරාවස්තු තිබුණු නිසා බවය.

ඔහු මේ ප්‍රකාශය බීබීසිය වෙත කර තිබුණේ එම කතාව කියන්නට පෙර දින (2020.05.27)   විශේෂ කණ්ඩායමක් සමග පොතුවිල්  මුහුදු මහා විහාරයට අවට කළ නිරීක්ෂණයකින් අනතුරුවය.

“ මුලින් තිබූ අක්කර 71න් අක්කර තිහක පමණයි පුරාවස්තු තියෙන්නේ. පුරාවස්තු නැති කොටස ප්‍රාදේශීය ලේකම්ට පවරලා, පුරාවස්තු තියෙන කලින් පුරාවිද්‍යා කලාපයට ඇතුළත් නොවුණු පිට කොටස අප ඉල්ලලා තියෙනවා. එතකොට දල වශයෙන් අපිට අක්කර 70කට ආසන්න ප්‍රමාණයක් එනවා,”

“මුහුදු මහා විහාරය පිහිටි භූමිය නැවත ගැසට් කිරීමේදී කිසිම පුරාවස්තුවක් රක්ෂිතයෙන් පිට පනින්නේ නෑ. එතන ප්‍රශ්නය 100%ක් නිරාකරණය වෙනවා,” යනුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මුහුදු මහා විහාරයේ නා හිමි 2020 දී කී කතාව

මුහුදු මහා විහාරයේ නායක හාමුදුරුවන් වූ වරකාපොල ඉන්දසිරි හිමි බීබීසියට ප්‍රකාශයක් කරමින්   අදාළ සාකච්ඡාවලින් අනතුරුව සතියක් ඇතුළත භූමියේ ගවේෂණ කටයුතු ආරම්භ කරන බවත්,  මැනුම් කටයුතු අවසානයේ දැනට ගැසට් කර ඇති භූමියට අමතරව අනෙක් භූමි කොටසක් ද සමග අක්කර 70ක භුමියක් යළි ගැසට් කිරීමට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන් එකඟ වූ බවත් කීහ.

ඒ වනවිට, එනම් 2020 මැයි මස 14 වැනිදා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් මුහුදු මහා විහාරයට ගොස් කීවේ දිවි හිමියෙන් බොදු උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවන බවය. නීතිය අකුරටම ක්‍රියාත්මක කර මුහුදු මහා විහාරය ඇතුළු නැගෙනහිර බොදු උරුමය රැක ගන්නා බවය.

ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා 2020.05.14 දා මුහුදු මහා විහාරයේ කළ සංචාරය….

එම ගමන ගිය දා  මුහුදු මහා විහාරය භූමියේ නාවික හමුදා අනු කණ්ඩයක් ස්ථාපිත කෙරුණු අතර ඉඩම් නිරවුල් කිරීම කඩිනමින් සිදු කිරීමට පොරොන්දු විය.

මුහුදු මහා විහාරයේ නා හිමි 2022 දී කියන කතාව

එහෙත් උන්වහන්සේ අද අපට ප්‍රකාශ කළේ මේ රජය පත්වනවිට පුරාවිද්‍යා රක්ෂිතය ලෙස හඳුනාගෙන ගැසට් කර තිබූ භූමියෙන් ද අක්කර 11ක් මුස්ලිම් දේශපාලකයෙකුගේ ඡන්දවලට වහල් වී ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවය.

“ මේ රටේ සියයට 99.5ක් බෞද්ධයො මේ ආණ්ඩුවට චන්දය දුන්නෙ මේ වගේ දෙයක් අපේක්ෂාවෙන් නම් නෙමෙයි. මේ අන්තිම පාර මහත්තයො… අයෙ නම් කිසිම දේශපාලකයෙකුට චන්දයක් දෙන්නෙ නෑ…“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

247 කොවිඩ් අංකයට ඇමතුම් වැඩි වෙලා…

Next Post

විදුලිය කැපීම නතර කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.