fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුහුදු මහා විහාරයටත් හොඳටම කරලා… පුරාවිද්‍යා රක්ෂිතයේ ඉතිරි අක්කර 30න් 11 ඉවතට!

මාස 4ක් ago
in පුවත්
537 5
0
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

වර්ෂ 1965 මැයි මස 28 වැනිදා ගැසට් කර ප්‍රකාශ කරන ලද අක්කර 30යි, රූට් 03යි, පර්චස් 13ක මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා රක්ෂිත භූමියෙන් අක්කර 11 ඉවත් කිරීමට රජය සියලුම කටයුතු සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

පුරාවිද්‍යා රක්ෂිතයේ අක්කර 30ට අයත් මෙම අක්කර 11ක  භූමියේ  ජය භූමි ඔප්පු 41ක් සහිත පවුල් 57ක් ජීවත් වන බවත් ඔවුන්ට එම ඉඩම පැවරීම සඳහා පුරාවිද්‍යා රක්ෂිතයෙන් එම කොටස වෙන් කිරීමට සූදානම් බවත් මේ පිළිබඳව කළ විමසීමකදී  මුහුදු මහා විහාරාධිපති වරකාපොල ඉන්දසිරි නා හිමියෝ ලංකාසරට පැවසූහ.

වරකාපොල ඉන්දසිරි නා හිමි

රක්ෂිතය පැවති ආකාරය

“1951 ජනවාරි 26 සෙනරත් පරණවිතාන මහත්තයා මුහුදු මහා විහාරයට අක්කර 72යි රූඩ් තුනයි පර්චස් 13ක් පුරාවිද්‍යා රක්ෂිතය ලෙස වෙන් කරනවා. 1965 මැයි 28 මේක අක්කර 30යි රූඩ් 03යි පර්චස් 13ට  සීමා කරලා යළි ගැසට් එකක් නිකුත් කරනවා. ඒ භූමියෙන් අක්කර 11ක් තමයි මේ ගලවලා මුස්ලිම් මිනිස්සුන්ට දෙන්න යන්නෙ.“

උන්වහන්සේ කීවේ රටේ බෞද්ධ උරුමය ආරක්ෂා කරදීම සඳහා ඡන්දය ලබා ගත් පාලකයන් දැන් හැසිරෙන ආකාරය පුදුමාකාර ලෙස සිත් කළකිරවන බවය.

එක රටක එක නීතියක් නෑ

“රටේ මූලික නීතිය අනුව පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කළ භූමියක පදිංචි වීම නීති විරෝධීයි. එම භූමිය කැණීම ඊට හානි කිරීම පුරාවිද්‍යා ආඥා පණත අනුව   වසර ගණනක් ඇපත් නැතිව හිරේ විලංගුවෙ වැටෙන අපරාධයක්. ඒ අපරාධය නිවැරදි කරගන්න දැන් මේ අය රක්ෂිතයෙ ඉතිරිවෙලා තියන අක්කර 11ක් අයින් කරන්න යනවා.“

“ මම නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න මේ ආණ්ඩුව පත් කරගැනීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ කෙනෙක්. දැන් අපිව පැත්තකටම විසි කරලා පුරාවිද්‍යා රක්ෂිත භූමිය තුළ පදිංචි පිරිස් ඉවත් කිරීමට එරෙහිව,  ආණ්ඩුවට විරුද්ධව දේශපාලනය කරපු මුස්ලිම් දේශපාලකයෙක් එක්ක ආණ්ඩුව ඩීල් එකක් දාගෙන  ඔහු කියන විදිහට රටේ වලංගු නීතියත් වෙනස් කරනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා දැන් කියනවා ඒ පදිංචි වෙලා ඉන්න භූමියේ පුරාවස්තු නෑ කියලා. “

මතුපිට පුරාවස්තු නෑ…. වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගගෙන් ලංකාසර කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ එම භූමියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ ලබා දුන් නීත්‍යානුකූල ඔප්පු සහිතව පිරිසක් ජීවත් වෙමින් ඇති නිසා ඔවුන් එම භූමියෙන් ඉවත් කිරීම මේ වනවිට අනවශ්‍ය ගැටලුවක් ඇති කර තිබෙන බවය.

“ අපි භූමියේ ගවේෂණයක් කළා. එම අක්කර 11 තුළ මතුපිට පුරාවස්තු නිරීක්ෂණය වෙන්නෙ නෑ. ඒ නිසා පන්සලට ඒ ඉවත්වන භූමිය වෙනුවෙන් වෙරළ සංරක්ෂණයට අයත් රක්ෂිතය ඇතුළු තවත් ඊටත් වඩා වැඩි  ඉඩම් කොටසක් ලබා දීමට මේ වනවිට අවශ්‍ය සාකච්ඡා පවත්වමින් යනවා. තව සති දෙකක් තුළ යම් තීන්දුවක් ගන්න අප කටයුතු කරනවා.“ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මනතුංග එසේ කීවේය.

වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සහ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක…

පුරාවස්තු තියනවා – හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

එහෙත් පසුගිය 2020 මැයි මස 28 වැනිදා බීබීසී ලෝක සේවයට ප්‍රකාශයක් කළ එවකට පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානාය කීවේ    වර්ෂ 1951 දී සෙනරත් පරණවිතාන මහතා විසින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කළ අක්කර 71න් අක්කර 40ක් වර්ෂ 1965 දී ඉවත් වී ඇත්තේ අක්කර තිහක පමණක් පුරාවස්තු තිබුණු නිසා බවය.

ඔහු මේ ප්‍රකාශය බීබීසිය වෙත කර තිබුණේ එම කතාව කියන්නට පෙර දින (2020.05.27)   විශේෂ කණ්ඩායමක් සමග පොතුවිල්  මුහුදු මහා විහාරයට අවට කළ නිරීක්ෂණයකින් අනතුරුවය.

“ මුලින් තිබූ අක්කර 71න් අක්කර තිහක පමණයි පුරාවස්තු තියෙන්නේ. පුරාවස්තු නැති කොටස ප්‍රාදේශීය ලේකම්ට පවරලා, පුරාවස්තු තියෙන කලින් පුරාවිද්‍යා කලාපයට ඇතුළත් නොවුණු පිට කොටස අප ඉල්ලලා තියෙනවා. එතකොට දල වශයෙන් අපිට අක්කර 70කට ආසන්න ප්‍රමාණයක් එනවා,”

“මුහුදු මහා විහාරය පිහිටි භූමිය නැවත ගැසට් කිරීමේදී කිසිම පුරාවස්තුවක් රක්ෂිතයෙන් පිට පනින්නේ නෑ. එතන ප්‍රශ්නය 100%ක් නිරාකරණය වෙනවා,” යනුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මුහුදු මහා විහාරයේ නා හිමි 2020 දී කී කතාව

මුහුදු මහා විහාරයේ නායක හාමුදුරුවන් වූ වරකාපොල ඉන්දසිරි හිමි බීබීසියට ප්‍රකාශයක් කරමින්   අදාළ සාකච්ඡාවලින් අනතුරුව සතියක් ඇතුළත භූමියේ ගවේෂණ කටයුතු ආරම්භ කරන බවත්,  මැනුම් කටයුතු අවසානයේ දැනට ගැසට් කර ඇති භූමියට අමතරව අනෙක් භූමි කොටසක් ද සමග අක්කර 70ක භුමියක් යළි ගැසට් කිරීමට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන් එකඟ වූ බවත් කීහ.

ඒ වනවිට, එනම් 2020 මැයි මස 14 වැනිදා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් මුහුදු මහා විහාරයට ගොස් කීවේ දිවි හිමියෙන් බොදු උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවන බවය. නීතිය අකුරටම ක්‍රියාත්මක කර මුහුදු මහා විහාරය ඇතුළු නැගෙනහිර බොදු උරුමය රැක ගන්නා බවය.

ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා 2020.05.14 දා මුහුදු මහා විහාරයේ කළ සංචාරය….

එම ගමන ගිය දා  මුහුදු මහා විහාරය භූමියේ නාවික හමුදා අනු කණ්ඩයක් ස්ථාපිත කෙරුණු අතර ඉඩම් නිරවුල් කිරීම කඩිනමින් සිදු කිරීමට පොරොන්දු විය.

මුහුදු මහා විහාරයේ නා හිමි 2022 දී කියන කතාව

එහෙත් උන්වහන්සේ අද අපට ප්‍රකාශ කළේ මේ රජය පත්වනවිට පුරාවිද්‍යා රක්ෂිතය ලෙස හඳුනාගෙන ගැසට් කර තිබූ භූමියෙන් ද අක්කර 11ක් මුස්ලිම් දේශපාලකයෙකුගේ ඡන්දවලට වහල් වී ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවය.

“ මේ රටේ සියයට 99.5ක් බෞද්ධයො මේ ආණ්ඩුවට චන්දය දුන්නෙ මේ වගේ දෙයක් අපේක්ෂාවෙන් නම් නෙමෙයි. මේ අන්තිම පාර මහත්තයො… අයෙ නම් කිසිම දේශපාලකයෙකුට චන්දයක් දෙන්නෙ නෑ…“

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

247 කොවිඩ් අංකයට ඇමතුම් වැඩි වෙලා…

Next Post

විදුලිය කැපීම නතර කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…

Related Posts

මහ බැංකුව බය හිතෙන කතාවක් කියයි!.  රටේ විදේශ වත්කම් ඩොලර් ඍණ බිලියන 04කට  බසී…

මැයි 29, 2022

අස්ගිරිය 21 එපා කියයි?… ඇමති විජේදාසට අස්ගිරියෙන් “පොහොට්ටු උත්තරය“  ලැබෙයි…

මැයි 29, 2022

ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…

මැයි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මහ බැංකුව බය හිතෙන කතාවක් කියයි!.  රටේ විදේශ වත්කම් ඩොලර් ඍණ බිලියන 04කට  බසී…
  • අස්ගිරිය 21 එපා කියයි?… ඇමති විජේදාසට අස්ගිරියෙන් “පොහොට්ටු උත්තරය“  ලැබෙයි…
  • ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…
  • හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි…
  • නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!

ජනප්‍රිය පුවත්

  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    233 shares
    Share 93 Tweet 58
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    229 shares
    Share 92 Tweet 57
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    233 shares
    Share 93 Tweet 58
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    295 shares
    Share 118 Tweet 74
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    228 shares
    Share 91 Tweet 57
  • හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි…

නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!

නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…

අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……

හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

අන්ත දූෂිත සෞඛ්‍ය සේවය නිසා ආධාර ආපහු හැරෙනවා… වෛද්‍ය ආධාර රැක ගන්න WHO සමඟ හවුල් ගිණුමක්!- කෙහෙළිය කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මහ බැංකුව බය හිතෙන කතාවක් කියයි!.  රටේ විදේශ වත්කම් ඩොලර් ඍණ බිලියන 04කට  බසී…

by editor
මැයි 29, 2022
0

මහ බැංකුව සතු විදේශ වත්කම්  ප්‍රමාණය...

අස්ගිරිය 21 එපා කියයි?… ඇමති විජේදාසට අස්ගිරියෙන් “පොහොට්ටු උත්තරය“  ලැබෙයි…

by editor
මැයි 29, 2022
0

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ බලතල  කප්පාදු කර  නව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist