බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුස‍්ලිම් සිද්ධස්ථානයක්ව පැවති ඓතිහාසික කූරගල පුද බිම අද සිට යළි බොදුනුවන්ට

by editor
මාර්තු 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දශක කිහිපයක් මුස්ලිම් ප්‍රජාව විසින් අත්පත් කරගෙන තිබුණු ක්‍රිස්තු  පූර්ව යුගයේ සිට පැවත එන ආරමික භූමියක් මෙන්ම ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයක් වූ කූරගල පුදබිම යළි බෞද්ධ සිද්ධස්ථානයක් බවට පරිවරතනය කිරීමෙන් පසු මැදින් මස පුර පසළොස්වක පොහොය යෙදෙන අද (28) දින ප්‍රථම වරට ආගමික වතාවත්   සිදු කිරීමට නියමිතය.

මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් සේ මේ ලෙන් භූමිය පැවතුන වකවානුවේ එහි සිදුවූ බිලි පූජා වැනි ක්‍රියාවලීන්ට බෞද්ධ සමාජයේ දැඩි විරෝධයක් මතුවුනේය. කෙසේ වෙතත් ඉතා ක්‍රමානුකූලව මෙම භූමියේ ඓතිහාසික උරුමය ආරක්ෂාවන පරිදි මෙන්ම ජාතීන් අරත විසංවාදයක් ඇති නොවන පරිදි සංස්කෘතික හිමිකම් හුවමාරුවක් සිදුවූ අතර පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් පැහැදිලි කර තිබුණේ මේ බිමේ ඓතිහාසික උරුමය ප්‍රකාශිත සාධකවලට මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක්ව පැවති  වකවානුවේ විශාල  හානියක් වී නොතිබුණු බවය.

එමෙන්ම ඓතිහාසික බෞද්ධ උරුමයකටත් එපිටින්වන ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයක් සහිත විශ්වීය වැදගතක්මක් සහිත පුරාවිද්‍යා ස්ථානයක් බව තහවුරු කරන පුරාවිද්‍යා සාධක මෙහි කැණීම්වලින් මතු වූ අතර එම සාධක විතැන් වී කර නොතිබුණු බව ද වාර්තා විය.

මේ වනවිට බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් සේ මේ භූමිය ගොඩනගන්නට කරන උත්සාහයේ දී මේ විශ්වීය වටිනාකම් ආරක්ෂා කරගෙන ඉතාම සැලසුම් සහගතව එය සිදුවිය යුතු බවත්,  මේ භූමිය භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ වැඩවාසය කළ ලෙන් ආරාම සංකීර්ණයක් හෙයින් එහි අනන්‍යතාවය ආරක්ෂා විය යුතු බවත් පුරාවිද්‍යා ප්‍රමාණිකයෝ පෙන්වා දෙති.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත් අද මේ භූමියේ නව චෛත්‍යයක් ඉදි කිරීම සඳහා මුල් ගල තැබීමට නියමිතව ඇත.

ඓතිහාසික කූරගල පුජා භුමිය මේ වනවිට    නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ  වෙත පවරා ඇතැයි වාර්තා වේ. උන්වහන්සේ කීවේ වසර ගණනාවක් පුරා මුස්ලිම් ජනතාව විසින් මහරහතුන් වහන්සේලා වැඩ සිටි කූරගල පුදබිමේ ගල් ලෙන් තුල ආගමික ස්ථාන ඉදිකරමින් සිටි බවය. දැන්  තම මග පෙන්වීම යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් එම වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ද සිදුකරමින් ඇති බවය.

ඒ අනුව අද පස්වරුවේ ‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑය‘ නමින්   නව චෛත්‍යයක් ඉදිකිරීමට මුල්ගල තැබීමට කටයුතු යොදා ඇති  බව උන්වහන්සේ පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරින්ද ඛණිජවැලි නිධිය ඉන්දීය සමාගමට දෙන්නට අකමැති වූ ඇමති විමල්ට මිනිස්සු හූ කියති…

Next Post

දකුණේ රජයේ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් 17000කට ඉඩම් අයිතිය…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.