බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මුස්ලිම් අන්තවාදය වලදාන්නෙ නැතුව මළමිනියක් අල්ලගෙන පිස්සු කෙලින්න එපා”

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති

by Lanka Sara Editor
දෙසැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

“1983 දෙමළ සමාජයත් එක්ක හදාගත්තා වගේ ආයෙ හරවන්න බැරි ප්‍රශ්නයක් හදාගත්තා වගේම ආයෙ ආපස්සට හරවන්න බැරි ප්‍රශ්නයක් හදාගන්නව මේ මලමිනියක් එක්ක මේ ගොල්ල මෝඩ විදියට දේශපාලනය කළොත්. මේ මලමිනීත් එක්ක මේ කට්ටිය. මේක ගැන ගැඹුරින් හිතන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. නැත්නම් සහරාන්ලා 1000-2000ක් බිහිවෙලා තමයි මේ ප්‍රශ්නය ඉවර වෙන්නෙ ” යයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

කොවිඩ් මළ සිරුරු ආදාහනය සහ භූමදානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

“ජනගත වෙලා තියෙන්නේ හාමුදුරුවරු විරුද්ධයි භූමදානය ට කියලා. මුස්ලිම් සමාජයේ වෛරයට පාත්‍ර වෙන්නේ කවුද දේශපාලකයො කවුරුත් නෙවෙයි. දේශපාලකයෝ හරි හොඳයි ඒගොල්ලෝ කියනවා අනේ මේ හාමුදුරුවොත් එක්ක නේ කරන්න බැරි කියලා. හැබැයි ඔවුන්ට ආපහු බලය ලබාගන්න එගොඩ වෙන්නත් ඕන සංඝයා වහන්සේලා. මුස්ලිම් අන්තවාදය වහාබ්වාදය සලෆි වාදය ඉහ්ක්වාන් මුස්ලිම් ජමාතේ ඉස්ලාම් තබ්ලික් ජමාත් තවුහිත් ජමාත් ගැන කතාවක් නෑ. ඒවා නතර කරන්නෙ කොහොමද ඒවායේ මූලයන් පරාජය කරන්නේ කොහොමද මේවායෙන් ගොඩනැඟුණු ඒ සන්නද්ධමය ක්‍රියාකාරකම් ඒ මත වාද වලදාන්නේ කොහොමද කියලා කතාවක් නැතුව සාම්ප්‍රදායික මිනිහගෙ හිත පිච්චෙන මේ මළ මිනියක් අල්ලගෙන පිස්සු කෙලිනවා මේගොල්ලෝ.

විශේෂඥ මණ්ඩලයක් පත්කර ගෙන ඉන්නවා කවුද ඉන්නේ එකේ විශේෂඥ වෛද්‍යවරු මොනවද ඒගොල්ලොන්ට තියෙන සුදුසුකම් ඒවා නිර්දේශය දෙන්න ඊළඟට ආගමික වශයෙන් ඉන්න ආගමික කණ්ඩායම් ඒ ගොල්ලන්ට වාඩි වෙලා මොකක්ද මේකෙ කළ කළයුත්ත නොකළයුත්ත. මෙහෙම වැඩපිළිවෙළක් පේන්නේ නෑනේ. පුච්චන්න කියලා එක වෙලාවකට ආරංචි වෙනවා ආපහු කියනවා ශීත කරන්න කියලා එක වෙලාවකට. මොකක්ද මේ තක්කඩි වැඩේ?

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

එක රටක එක නීතියක් ගැන අපි කතා කළා ආණ්ඩුවත් ඒක කිව්වා. එහෙනම් මුස්ලීම් සමාජයත් එක්කත් කතා කරලා කියන්න ඕන උඹලා එකඟද ඒකට කියලා. එතකොට කියයි මේක වලදාන්න දෙන්න කියලා. මොකද මුස්ලිම් අයගේ ආගමික අයිතියක් ඒක. හේතුව ඒගොල්ලො විශ්වාස කරනවා අල්ලා දෙවියන් ට අනුව ඒක. කාලි මෑණියෝ පිළිගත්තේ නැති වුණාට අල්ලා දෙවියන් පිළිඅරන් තියෙනවා නේ මිනිස්සු. ඒ දෙවිවරු හොඳයි අපේ ඉන්දියාවේ කාලේ හොඳ නෑ. අපේ සූනියන් හොඳ නෑ. විෂ්ණු හොඳ නෑ. එහෙම නේ කියන්නේ. කෙසේ හෝ වේවා ඔවුන් විශ්වාස කරනවා ජය ලබන්නේ මේ පසෙන් කියලා. පසටම පොහොර වෙන්න ඕන කියලා ඒක මුස්ලිම් අයගේ අයිතිය ඒක ඔවුන්ගේ ආගමික අයිතිය. හැබැයි ඒ ආගමික අයිතිය වල දානකොට හැමෝම පිච්චෙනවා. ඒකයි භයානක.

බුදු හාමුදුරුවෝ තමයි මගේ ගුරුවරයා. මහින්දවත් ගෝඨා වත් රනිල් වත් චම්පික වත් රතන හාමුදුරුවෝවත් නෙවෙයි. බුදු හාමුදුරුවෝ මගේ නායකයා ඒ නායකයාගේ දර්ශනයක් තියෙනවා. ඒ තමයි හේතුඵලවාදය. අපි බලනවා හේතුව මොකක්ද ඵලය ගැන හිතලා වැඩක් නෑ.

2009 මැයි 18 වෙනිදා පිරබාහරන් ඉවර කරල දැම්මා සන්නද්ධ සටන ඉවර කරා. මුලිනුපුටා දැම්මා. ආයෙ ආයුධ උස්සන්නේ නෑ. හැබැයි බෙදුම්වාදය ගැන තියෙන මතය අදටත් ආපස්සට අපට හරවන්න බැරි වෙලා තියෙනවා. අද වහාබ්කාරයයි සාම්ප්‍රදායික මුස්ලිම් මිනිහායි ඒ ඔක්කොම මේ මළ මිනිය වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා. ප්‍රශ්නෙ විසඳගන්න තිබුණු සරල අවස්ථාවන් අහිමි කරගෙන තිබෙනවා. සහරාන්ලා 1000-2000ක් බිහිවෙලා තමයි මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ .”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුත්තුර්වලින් හමුවූ ආසාදිතයන් 14න් 12ක් පොලිස් නිලධාරීන්… මුත්තූර් පොලිසිය වසා දමයි..

Next Post

කොවිඩ් මරණ භූමදානය ගැන ජපුරේ මහාචාර්යවරිය මාධ්‍යයට කී මුගටි බොරුව

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.