මුලතිවු කුරුන්දාවශෝක පුරවිද්‍යා ස්ථානයේ කැණීම් අරඹෙයි…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුරුදුමලේ විහාරස්ථාන‍ෙ ආසන්නයේ පුරා විද්‍යා කැණීම් ඊයේ (18) ආරම්භ විය.

අක්කර 79 ක ඉඩමක් දැනටමත් ඉඩම් සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුරුදුමලේ කුරුන්දාවශෝක විහාර කඳුකර පුරාවිද්‍යා භූමිය ලෙස හඳුනාගෙන වෙන් කොට තිබේ.

විහාර භූමියේ පුරා විද්‍යා කාර්යාලයක් සහ ධර්ම ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පසුගියදා මුලතිව් ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් උපාලී රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මුලතිව් කුරුදුමලේ විහාරස්ථානය අවට ප්‍රදේශයේ කැණීම් සිදු කිරීම හා සංවර්ධනය කිරීම පිළිබදව ප්‍රදේශයේ දේශපාලනඥයින්ගෙන් හා විවිධ සංවිධාන වලින් විරෝධය එල්ල වී ඇති අතර ඔවුන් ප්‍රකාශ කරනු ලබන්නේ මෙම ස්ථානය හින්දු බැතිමතුන්ට අයත් ස්ථානයක් බවයි.

මෙම විහාරස්ථානය අසල සිදු කෙරෙන කැණිම් කටයුතු සදහා යුද හමුදාවෙන් පූර්ණ ආරක්ෂාව සපයා දෙනු ලබයි.

Exit mobile version