දිනසේන රතුගමගේ –
මුලතිව් කල්ලපට්ටු ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තුබූ වෑන් රථයකට හා තවත් මෝටර් රථයකට ගිනි තැබූ මැරයින් පිරිසක් නිවසේ අයිතිකරුටද 27 දා රාත්‍රී පහර දී පලාගොස් තිබේ.
පහරකෑමට ලක් වූ පුද්ගලයා බරපතල තුවාල සහිතව මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.
ගින්නට හසු වී රුපියල් ලක්ෂ තිස් දෙකක පමණ වටිනා වෑන් රථය මුලුමනින්ම විනාශ වී ගොස් ඇති අතර මෝටර රථයේද කොටසක් ගිනිගෙන විනාශ වී ගොස් තිබේ.
ප්‍රහාරය සදහා පැමිණි මැරයින් පිරිස නිවසේ බඩුබාහිරාදිය හා ජනෙල් ද පොලු වලින් ගසා කුඩුපට්ටම් කොට ඇති අතර මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.