මුලතිව් බලා ගිය ගුරු සංගම් නියෝජිතයන්ට හමුදාවෙන් සහ පොලිසියෙන් බාධා

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් කේපාපිලව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට ලක් කොට සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ඇතුලු පිරිස හමු වී ඔවුන් නිරෝධායන කඳවුර තුළ ආරම්භ කොට ඇති සටනට සහය දැක්වීමටත් ඔවුන්ට අවශ්‍ය සුබසාධන ද්‍රව්‍ය ලබා දීමටත් දකුණේ සිට ගිය පිරිසට යුද හමුදාව හා පොලීසිය 15 දා බාධා කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසීය .

ලංකා ගුරු සංගමයේ අනුරාධපුට ශාඛාවේ හා වවුනියාව ශාඛාවේ නියෝජිතයින් හා තවත් සංගම් කීපයක පිරිසක් වාහන 8 කින් මුලතිව් බලා පිටත්ව ගිය නමුත් වවුනියාව නෙඩුන්කේණියේ මුර පොලෙන් මුරපොලට වාහන ආරක්ෂ අංශ විසින් නතර කර ගැනීම නිසා අවසානයේදී ගමන් කළ පිරිසෙන් පස් දෙනෙකුට පමණක් එක් වාහනයකින් යාමට අවසර ලැබුණු බව සභාපතිවරයා පැවසීය.
එම පස් දෙනාටද ජෝෂප් ස්ටාර්ලින් ඇතුලු පිරිස හමු වීමට අවසර ලැබී නැති අතර නියෝජිතයින් රැගෙන ගිය ද්‍රව්‍ය ඔවුන්ට බාර දීම සදහා ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් ලබා ගෙන තිබේ.

ගුරු සංගම් නියෝජිතයෝ රඳවා සිටින කේපාපිලව් කඳවුර අසලට යුද හමුදාවේ හා පොලීසියේ නිලධාරීන් සියයකට වඩා වැඩි පිරිසක් පැමිණි බවත් ඔවුන් මෙම ගුරු සංගම් නියෝජිතයින් සමග දැඩි උණුසුම් තත්ත්වයක් ඇති කර ගත් බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version