දිනසේන රතුගමගේ –
මුලතිව් අම්බලපොක්කනෙයි ප්‍රදේශයේ කැළයක අද (27) දහවල් සිදු වූ බෝම්බ පිපිරීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම සිද්ධියට මුහුණ පෑ වයස අවුරුදු 36 ක පුද්ගලයා දර කැපීම සදහා කැළයට ගොස් සිටි අවස්ථාවේදී මෙම පිපිරීම සිදුව සිදුව ඇත. තුවාල ලද පුද්ගලයා මුලින්ම ඇතුළත් කොට ඇත්තේ මුලතිව් පුදුකුඩීරීපු රෝහලටය.
ඔහුගේ තත්ත්වය බරපතල බැවින් පසුව ඔහුව මුලතිව් රෝහල වෙත මාරු කොට යවා තිබේ.
මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.