අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මුදල් ඇමති බැසිල් රාජපක්ෂත් පඹයෙක් වුණා” – සජබ මන්ත්‍රීනී රෝහිණි කවිරත්න

by Lanka Sara Editor
ජනවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නිසි වෙලාවට කෘෂි රසායනය ආනයනය සිදු නොකිරීමෙන් මහ කන්නය සම්පූර්ණයෙන්ම විනාශ කළ කෘෂිකර්ම අමාත්‍යාංශය, බෙහෙත් ආනයන ලිපි ගොනු මේසය මත තියාගෙන ජනවාරි – මාර්තු කන්නය විනාශ වෙනකල් බකන්නිලාගෙන සිටින බව මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

ඇය සඳහන් කරන්නේ මොළ හතක් තියෙනවා කී මුදල් ඇමති පඹයට අන්ඳා කනින් රිංගා කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්ලා මාරු කරන බවය.

ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“මහ කන්නය විනාශ කරපු ආණ්ඩුව ගන්න කිසිම තීරණයක් ක්‍රියාත්මක කරන ගන්න බැරි ගන්න බැරි පට්ටපල් බොරු කාරයෝ ටිකක්, කෘෂිකර්ම අමාත්‍යාංශයට අරක් ගෙන ඉන්නවා. ජනාධිපති කෘෂි රසායන ගෙන්න අවසර දුන්නා. ඇමති පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ඉවත් කරලා වැඩේ කාබාසිනියා කළා. මුදල් ඇමති කෘෂි රසායන ගැසට් එක රිවස් කරලා පළිබෝධ නාශක ගෙන්න අවසර දුන්නා. හිටපු ලේකම් ෆයිල් ටික මේසේ උඩ තියාගෙන කෘෂි රසායන ආනයනයෙන් කොමිස් ගහන්න උත්සහ කළා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇමති පාර්ලිමේන්තුවට කෘෂි රසායනය ගෙන්වනවා කියලා පොරෙන්දු වෙලා සති 5 යි. අද වෙනකල් එකම කෘෂි රසායන තොගයක් රටට ගෙන්න අනුමැතිය දුන්නේ නෑ. ආණ්ඩුවේ මේ කාලකන්නි වැඩ නිසා ගොවියා අන්ත අසරණ වෙලා තියෙනවා. දැන් පොහොරත් නෑ. බෙහෙතුත් නෑ. වගා කරන්න විදයම් කරපු සල්ලිත් නෑ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ නිසා කෘෂි රසායන ගැසට් රිවස් කරපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂත් පඹයෙක් ගේ තත්වයට වැටිලා. මොළ හතක් තියෙනවා කිව්ව මුදල් ඇමතිගේ පඹයට අන්දලා, කනින් රිංගලා කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්ලා මාරු කරනවා.

චීන අශුචි නැවට කරගහන්න, නැනෝ පොහොර ගෙන්වන්න කාෂිකර්ම අමාත්‍යාංශයට තිබ්බ උනන්දුව වල් නාශක ටික ගෙන්නලා ගොයම් වගාව බේරාගන්න නෑ යැයි මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මේ බව පැවසූවේ, රත්තොට අද පැවති උත්සවයක් අමතමිනි.

රටේ සාගතය ඇවිල්ලා ඉවරයි. ලෝකයේ ආහාර සඳහා වැඩිම මුදලක් වැය කරන රටක් බවට ලංකාව පත් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හොර තක්කඩි රැල යි. හන්දියක් හන්දියක් ගානේ උද්ඝෝෂණ තිබ්බාට මේ තක්කඩි රැලට ගානක් නෑ. පල්ලියක් කෝවිලක් ගානේ පළි ගැහුවාට මේ තක්කඩි රැලකට ගානක් නෑ.

කුඹුරු ටික වල් වලින් වැහිලා, කුඹුරු පිදුරු වෙනවා. මේ තක්කඩි රැලට ගානක් නෑ.

බඩ ඉරිඟු වගාව 80%කින් විනාශ වෙලා. මේ තක්කඩි රැලට තවම ඇහැරිලා නෑ.

එළවළු පළතුරු ටික කෘමි නාශක නැතුව ගස් යට කුණු වෙලා විනාශ වෙනවා. මේ තක්කඩි කොමිස් ගහන්න බලාගෙන ඉන්නවා.

දිලීර නාශක නැතුව ලොකු ළුණු, මිරිස්, අර්තාපල්, එළවළු විනාශ වෙනවා මේ තක්කඩි අශුචි නැවේ ප්‍රමිතිය වෙනස් කරලා පගා ගන්න බලාගෙන ඉන්නවා කියලා අශුචි නැවේ අයිති සමාගම කියනවා.

බහුජාතික සමාගම්වලට පොහොර තියෙනවා. හැබැයි රටේ දුප්පත් ගොවියාට පොහොර නෑ.

බහුජාතික සමාගම්වලට කෘෂි රසායන ගෙන්වන්න දීලා තියෙනවා. හැබැයි ගමේ කඩේ බෙහෙත් ටික නෑ. ගොවියාට කෘෂි රසායන නැතිව වගා කරන්න බෑ.

මේක ධනපතියන්ට ලාබ ලබන්න දුප්පත්තු නැති කරන ආණ්ඩුවක්. තීන්දු ගත්තාට තීන්දුව ක්‍රියාත්මක කරන්න බැරි ආණ්ඩුවක්” යැයි ද, කවිරත්න මහත්මිය පැවසුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව බොරු ප්‍රචාර නවත්වා ඇත්ත ධීවර ප්‍රශ්නය විසඳා ගැනීමට උදව් කළ යුතුයි… ධීවර ඇමති…

Next Post

පාර්ලිමේන්තුවක් ගින්නෙන් විනාශයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.