මුට්ටි ගඟට දැමූ ඇමති කට්ටියට ඇමති ඩලස්ගෙන් ‘ෂොට් එකක්’

කොවිඩ් වයිරසය මර්දනය සඳහා මුට්ටි ගඟට විසි කිරීමෙන් හෝ පැණි පානය කිරීමෙන් විසඳුමක් සොයා ගත නොහැකි බවත් විසඳුම ලබා ගත හැක්කේ විද්‍යාත්මක ක්‍රමවලින් පමණක් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පසුගියදා පැවති හමුවකදී හෙතෙම මේ බව කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මිත්‍යාවන් පිටිපස්සේ ගිහිල්ලා මේකට උත්තරයක් හොයන්න බෑ අපේ හාමුදුරුවනේ. පැනි බීලා මේකට උත්තර හම්බ වෙන්නේ නෑ මුට්ටි ගංඟාවල නෙවෙයි බෝක්කු ගානේ දැම්මත් මේකට උත්තර හොයන්න බෑ. උත්තරේ තියෙන්නෙ විද්‍යාවේ. එක්කෝ එන්නත, එක්කො දේශීය වෛද්‍ය ක්‍රමය. සෞඛ්‍ය සම්බන්ධ වෛද්‍ය ක්‍රම ඇතුළෙ විතරයි මේකට උත්තරයක් තියෙන්නේ. ඒ නිසා මේ කාලය අපි පළමුවෙන් ම කැප කරන්නට ඕන ජාතියේ නිරෝගීභාවය වෙනුවෙන් වසංගත මාරයාට එරෙහිව. දෙවැනි කැපකිරීම කරන්න ඕන දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. මේක තමයි උතුම්ම කැපකිරීම් දෙක මේ යුගයේ අපට කරන්න තියෙන.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී කියාසිටියේ ය.


Exit mobile version