දිනසේන රතුගමගේ –
අබලන් වී තිබූ වවුනියාව පූන්තෝට්ටම් ආදාහනාගාරය අලුත්වැඩියා කොට යළි මළ සිරුරු ආදාහනය කිරීමට පටන් ගෙන ඇතත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ආදාහනාගාරය අවට වැසියන්ට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි පූන්තෝට්ටම් වැසියෝ කියා සිටිති.
“ ආදාහනාගාරය අලුත්වැඩියා කිරීමට පෙර වගේ නෙමෙයි… මළ සිරුරු පිලිස්සීමේදී අධික ලෙස දුමකින් මුලු පළාතම වැහෙනවා.. ඉවසන්න බෑ මිනී පිච්චෙන පුළුටු ගඳ.“
ආදාහනාගාරය අවට ගම්වැසියෝ කීහ.
පූන්තෝට්ටම් ගම් වැසියෝ මේ පිළිබදව වවුනියාව නගර සභාවටද පැමිණිලි කොට තිබේ.
ආදාහනාගාරයේ සේවකයන් කියා සිටින්නේ දිනකට මළ සිරුරු විශාල ප්‍රමාණයක් නොකඩවා දහනය කිරීම නිසා ආදාහනාගාරය දැඩි ලෙස රත් වීමත් සමගම මෙවැන්නක් සිදු වන බවයි.