බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිලියන 57ක බැංකු තැන්පතු ආරක්ෂා කරනවා… සේවක අර්ථසාධක අරමුදල්වලට අත තබන්නේ නැහැ!

මහ බැංකු අධිපතිත් සහතික වෙයි....

by editor
ජූනි 29, 2023
in පුවත්
Nandalal-Weerasinghe
Share on FacebookShare on Twitter

දේශීය ණය ප්‍රශස්තකරණයේ දී දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් මිලියන 57ක් වන මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  අවධාරණය කළේය.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ   මේ බව සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (29) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා  රටේ බැංකු ක්ෂේත්‍රයේ බිඳවැටීමක් සිදුවුවහොත් ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දෙන බැවින් බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර ජූනි මස 30වන දා සිකුරාදා  බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබෙන තුරු සම්ප්‍රේක්ෂණය වැළැක්වීම සඳහා බව කීය.

එසේම දැනට පවතින සේවක අර්ථසාධක අරමුදල්වලට අත නොතබන බවට සහතික වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  සේවක අර්ථසාධක අරමුදල සඳහා අවම වශයෙන් 9%ක පොලියක් සහතික කරන බවද පැවසීය.

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙසේ අදහස් දැක්වීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

රජයේ සම්පූර්ණ දේශීය ණය තිරසාර මට්ටමට ගෙන ඒමට නම් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ආකාරයට දැනට තිබෙන නිර්ණායක වසර 10ක කාලයක් තුළ යම්කිසි ආකාරයක ස්ථාවර මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා.  උදාහරණයක් ලෙස 2022 අවසානය වන විට රාජ්‍ය ණය  දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128%ක් වුණා. නමුත් එය  2032 වන විට 95%කට වඩා අඩු මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා.  එය තමයි පළවැනි නිර්ණායකය. දෙවනි නිර්ණායකය වන්නේ රජයේ සම්පූර්ණ මුල්‍යකරණ  අවශ්‍යතාවය වාර්ෂිකව රජය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට පවතින 34.6% ක ප්‍රමාණය 2027- 2032 වසර 05ක කාලය තුළ සාමාන්‍යයෙන් 13% හෝ ඊට පහළ මට්ටමකට ගෙන ඒමයි.

තෙවන නිර්ණායකය වන්නේ විදේශ ණය සේවාකරණයයි. එය දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4 % ක් ලෙස  පවතිනවා. එය 2027- 2032 කාලය තුළ 4.5%ක මට්ටමට ගෙන ආ යුතුයි.

ඉලක්ක වෙත යෑමට කළ යුතු දේ-

මෙම ඉලක්ක ළඟා කර ගතහොත්  බාහිර මූල්‍ය පරතරය (external financing gap) පිරවීමට ලැබෙන සහනය,  අමෙරිකානු ඩොලර් බිලියන 16.9 කින් අඩු වෙනවා. මේ ඉලක්ක තුන ළඟා කර ගැනීමේදී සිදුකළ යුතු තවත් කාරණා තුනක් තිබෙනවා.

පළමුවැන්න  නිල ද්වීපාර්ශවීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීම. ඒ පිළිබඳ සාකච්ඡා මේ වන විට සිදුකරගෙන යනවා. දෙවැන්න  වාණිජ වශයෙන් ස්වෛරී බැඳුම්කර මඟින් ගත් මුදල්. ඒ පිළිබඳවත් සාකච්ඡා සිදුවෙනවා. තුන්වැනි කාරණය වශයෙන් දේශීය ණය යම්කිසි ආකාරයකට  ප්‍රශස්තකරණය සිදුකිරීම.  ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණය මෙම ක්‍රියාවලියේ එක් පියවරක් වනවා.

දේශීය  ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී බලාපොරොත්තු වන්නේ  රජයේ  දළ මුල්‍ය අවශ්‍යතාවය (Gross Financial need) සඳහා  ඉදිරි කාලය තුළ රජයට දළ වශයෙන් ගන්න තිබෙන ණය බර අඩු කිරීම. ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කළහොත් එය 12.7 දක්වා අඩු වෙනවා. එය 13න් පහළ තිබිය යුතුයි. ඒ අනුව එය හරියට ක්‍රියාත්මක කළහොත් දශම තුනක පරතරයකුත් තිබෙනවා. හරියට මෙය ක්‍රියාත්මක කළ හොත් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස  රාජ්‍ය ණය  90%ටත් පහළට එනවා.

දැනට   භාණ්ඩාගාර බිල්පත් ට්‍රිලියන 4.1ක් තිබෙනවා. එයින් 62.4%ක්ම තිබෙන්නේ මහ බැංකුව සතුවයි. අප දන්නා පරිදි කලින්ම  භාණ්ඩාගාර බිල්පත් දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කිරීමට එකඟ වී තිබුණා.  එයත් ප්‍රමාණවත් නොවන නිසා  ඉතිරි ප්‍රමාණය ලබාගැනීම සඳහා අප  භාණ්ඩාගාර බැඳුම්කර වෙත අවධානය යොමු කළා.  දැනට තිබෙන ආකාරයට ට්‍රිලියන 8.7ක භාණ්ඩාගාර බැඳුම්කර තිබෙනවා. එයින් 36.5%ක් තිබෙන්නේ  (superannuation fund) වල.  36%ක් පමණ  බැංකුවල තිබෙනවා. ඊට අමතරව අනෙකුත් කොටස  රක්ෂණ හා පුද්ගලික අය සතුව තිබෙනවා.

බැංකු ස්ථාවර විය යුතුයි

මෙහිදී මහ බැංකුව ලෙස අප බලන්නේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය රැකගැනීමටත්, EPF වෙනුවෙන් ලබාදිය හැකි හොඳම විසඳුම මොකක්ද කියලයි.   සේවක අර්ථ සාධක අරමුදලේ භාරකරු විදියට ඉන්නේ මහබැංකුව. ඒ අනුව තමයි මහබැංකුව මීට සහභාගි වෙන්නේ.  විශේෂයෙන් ජනතාවගේ තැන්පත් මුදල්  ආරක්ෂා කර ගැනීමත්  අනෙක් පැත්තෙන් ඊ පී එෆ් වගේ මහජන අරමුදල් වලට හානියක් නොවන ලෙස ආරක්ෂා කරගැනීමටත් තමයි අපි සාකච්ඡා වලට සම්බන්ධවී මේ  යෝජනාවලට  එකඟ වී තිබෙන්නේ.

ඒ යෝජනාව අනුව සැලකීමේදී  බැංකු පද්ධතියෙන් රජයේ ණයබර අඩු කිරීමට  දැනටමත් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. උදාහරණයක් ලෙස බැංකුවලින් දැනට ගෙවන බදු ප්‍රමාණය 50% ටත් වැඩියි. සමාගම් බදු 30%යි, වැට් සහ මූල්‍ය සේවා 18%යි, සමාජ ආරක්ෂණ දායකත්වය 2.5%යි වශයෙන් එය පෙන්වා දිය හැකියි.

මේ අනුව දැනටමත්  බැංකු ලබන  ආදායමෙන් 50%කටත් වැඩි ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවමින් රජයට  දායකත්වය ලබා දෙනවා. ඊට සාපේක්ෂව බැලුවොත්  (superannuation fund) මගින් බදු ලෙස අයකරන්නේ 14% යි. එය අඩු බදු අනුපාතයක්.

ඒ අනුවම බැලුවම පළවෙනි කාරණය සඳහා බැංකු පද්ධතිය දැනටමත් දායකත්වයක් ලබා දෙනවා. දෙවනි කාරණය බැංකු පද්ධතිය පසුගිය කාලය තුළ රටේ ආර්ථිකයේ සිදු වූ ණය ගෙවීමේ අපහසුතා  සහ ලබා දුන් සහන කාල සීමා අනුව දැනටමත්  ණය නොගෙවීම නිසා සිදු වූ පාඩු ට්‍රිලියන එකකට ආසන්න වෙලා තියෙනවා.  ඊට අමතරව පසුගිය කාලයේ  ට්‍රිලියන 1.6ක් වගේ වටිනාකමින් යුත් සහන කාල සීමා ලබා දී තිබෙනවා. ඒ අනුව බැංකු පද්ධතිය මේ තුළිනුත් දැනටමත් ආර්ථිකයට යම්කිසි දායකත්වයක් ලබා දී තිබෙනවා.

ඒ නිසා  බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ තැන්පත්කරුවන් ගේ මුදල්වලට හානියක් නොවී ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක්. ඒ නිසා තමයි අප ‍යෝජනා කළේ බැංකු පද්ධතියට තව දුරටත් බරක් පැටවීම සාධාරණ වෙන්නේ නැහැ කියලා. මොකද ඔවුන් බදුවලින් ආර්ථිකයටත් භාණ්ඩාගාරයටත් විශාල දායකත්වයක් සපයා දී තිබෙනවා.

බැංකු පද්ධතිය තුළින් තැන්පත්කරුවන්ගේ තිබෙන තැන්පත් ප්‍රමාණය මිලියන 57ක්. රටේ ජනතාව මිලියන 20ක් වුණාට බැංකුවල ගිණුම් මිලියන 57ක් තිබෙනවා. ඒ මුදල්වලට යම්කිසි දෙයක් වුණොත් බැංකු පද්ධතියට වෙන හානිය ඉතා විශාලයි. මහබැංකුව වශයෙන් අපේ ප්‍රධානම අරමුණ බැංකු පද්ධතිය සහ මුදල් ආරක්ෂා කිරීමයි. ඔබ දැක්කා පසුගිය කාලයේ විශාල කටකතාවක් තිබුණා බැංකු කඩා වැටෙනවා. තැන්පත් නැති වෙනවා. බොහෝ දෙනෙක් ඇහුවා තැන්පත් එළියට ගන්නද  කියලා. බැංකුවල තැන්පත් ඉවත් කරන්න ගත්තොත් ආර්ථිකයම කඩා වැටෙනවා.

ඒ නිසා පළවෙනිම උත්සාහය බැංකු පද්ධතියට හානියක් නොවී ගිණුම්  මිලියන 57ක තියෙන තැන්පත්රුවන්ගේ මුදල්  ආරක්ෂා කර ගැනීමයි. ඒක තමයි තිබෙන ලොකුම සමාජ බලපෑම. ඒ නිසා බැංකුවලට අත තියන්නේ නෑ.

මහජන අරමුදල්

ඊළඟට විශ්‍රාමික අරමුදල් (superannuation fund) ගත්තොත් බැංකුවලට සාපේක්ෂව අඩුවෙන් බදු ගෙවන 14%ක බදුවලට යටත් වූ ඊ පී එෆ් , ඊ ටී එෆ් ඇතුලු බොහෝ දේ තිබෙනවා. මේ සියලු දෙනාගේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවලින් යෝජනා කර තිබෙන්නේ තිබෙන සියළු බැඳුම්කර නැවත රජයට අරගෙන අලුතින් බැඳුම්කර නිකුත් කරනවා. ඒවාට  2025 වෙනකම්ම 12%ක පොලියක්  ලැබෙනවා. එතනින් ඉදිරියට   9%ක පොලියක්  ලැබෙනවා. අනෙකුත් වැදගත් කාරණය තමයි තමන්ගේ ඊ පී එෆ් හී  තිබෙන මුදල  අඩු නොවීම . ඉදිරියේදී ලැබෙන්න තිබෙන ප්‍රතිලාභය ලෙස  9% ක පොලියක් රජය විසින්  සහතික කරනවා. රජය පැත්තෙන් සහතික වී තිබෙනවා යම්කිසි ආකාරයකින් අඩු වීමක් සිදුවෙනවා නම්  භාණ්ඩාගාරය පැත්තෙන් ඒ අඩුව පුරවන බවට.

මේ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුවට සහභාගි නොවන අයට තෝරා ගැනීමක් තිබෙනවා. ඒ තමයි 14% වෙනුවට සාමාන්‍ය අය ගෙවන ආකාරයට 30% බද්දක් ගෙවිය ගෙවීම. මේ අනුව සති කීපයක් ඇතුළත බැඳුම්කර හුවමාරු සිදුකර ජූලි මාසය ඇතුළත මේ ක්‍රියාවලිය  සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රෝහලේ සිවිලිමේ සඟවා තිබූ මිලියන 8.8ක ශල්‍ය උපකරණ ගැන මේ වනතුර පරීක්ෂණයක් නෑ… විගණකාධිපති!

Next Post

චිනය සැරසෙන්නේ ජාතියක ස්වාධීනත්වය සමග දාදු කෙළියකට ද?

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.