මිලින්ද මොරගොඩ ගේ කැබිනට් තනතුර ඉන්දියාවේ දී අවලංගුයි…

ඉන්දියාවේ ශ්‍රි ලංකා තානාපති ලෙස පසුගියදා වැඩ භාර ගත් මිලින්ද මොරගොඩට එම තානාපති තනතුරට අදාළව කැබිනට් තනතුරක් ශ්‍රි ලංකා රජයෙන් ලබා දී තිබුණද එම කැබිනට් තත්ත්වය පිළිගැනීමට ඉන්දීය රජයේ ඉහළම පෙළේ බලධාරීන් අකැමැත්ත පළ කර ඇති බව “ද සන්ඩේ ටයිම්ස්“ දේශපාලන කටයුතු පිළිබඳ කර්තෘවරයා සඳහන් කරයි.

ශ්‍රි ලංකා තානාපති ලෙස මිලින්ද මොරගොඩ   පත් කොට මාස 14ක පමණ කාලයක් ගත වුවද ඔහුගේ මෙම කැබිනට් තානාපති ලෙස පත් කිරීම පිළිගැනීමට ඉන්දීය විදේශ ආමාත්‍යංශය ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තන්ත්‍රය අකමැති වී ඇති අතර ඔවුන් පවසා ඇත්තේ මෙම තනතුරට අදාළ ලේඛන නිල වශයෙන් ඉන්දීය ජනාධිපතිවරයාට පිරිනැමීමේ හැකියාවක් නොමැති බවය.

මේ තත්ත්වය හේතුවෙන් මොරගොඩ ගේ තානාපති අයදුම්පත යළිත් සංශෝධනය කර යාවත් කාලීන කර එවන ලෙසට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සඳහන් කරනු ලැබ තිබුණද මෙතෙක් එම කටයුත්ත සිදුනොවීම නිසා තවමත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි, මිලින්ද මොරගොඩ   පිළිගෙන නොමැති අතර ඉන්දීය ජනාධිපතිවරයාට සිය අක්ත පත්‍ර භාර දීමද ප්‍රමාද වි ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.


ශ්‍රි ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මොරගොඩගේ මෙම තානාපති ධුරයට අදාළ ගිවිසුම ශ්‍රි ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් යවා ඇත්තේ ඉන්දියාවේ ශ්‍රි ලංකා කැබිනට් තානාපති ලෙස තනතුරක් දක්වමිනි. එසේ වුවද මෙම තනතුර සහිත ගොනුව ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත්තේ එවැනි තනතුරක් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය හරහා ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමේ පෙර අත්දැකීමක් නොමැති නිසාය.

මේ පිළිබඳව ශ්‍රි ලංකා විදේශ අමාත්‍යංශයටද ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික අංශවලට තානාපතිවරයාට ලැබෙන මෙම කැබිනට් තත්ත්වය කුමක්ද එවැනි තානාපතිවරයකුට තම මව් රට තුළ ලැබෙන තත්ත්වයන් කවරේද යන්න ආදිය පිළිබඳව නිසි පැහැදළි කිරීමක් ලබා දීමට අපොහොසත් වී ඇත.

කෙසේ වුවද එම කැබිනට් තනතුරෙන් අදහස් වන්නේ අදාළ කැබිනට් තානාපතිවරයාට සත්කාරක රටේදී කැබිනට් අමාත්‍යවරයකුට දක්වන පිළිගැනීම ලබා දිය යුතු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඉන්දීය රජය මේ වනවිට ඔහු ශ්‍රි ලංකාවේ ඉන්දීය තා නාපතිවරයා ලෙස පිළිගෙන ඇති අතර අදාළ කැබිනට් ත්තත්වය පිළිගැනීමකට ලක් කර නොමැති බව මෙම සන්ඩේ ටයිම්ස් දේශපාලන වාර්තාවේ සඳහන් වේ.මොරගොඩ මහතා පසුගියදා දිල්ලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේදී සිය තනතුරේ වැඩ භාර ගත්තේය.

Exit mobile version