දිනසේන රතුගමගේ –
යාපනයේ වේලනෙයි තුරෙයි ඌර් මුහුදු වෙරළට ගොඩ ගසන ලද විශාල ප්රමාණයේ දාර කැස්බෑවෙකුගේ මළ සිරිරක් පිළිබදව වන ජීවී නිලධාරීන් 22 දා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම කැස්බෑවා මියගොස් ඇත්තේ එක්ස්ප්රස් පර්ල් නෞකාවේ බලපෑමක් මතද යන්න පිළිබදව වන ජීවී නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර මේ වන විට උතුරු මුහුදට මියගිය කැස්බෑවන් පස් දෙනෙකුගේ හා තල්මසුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගසා තිබේ.
මියගිය කැස්බෑවාගේ සිරුර ගොඩගසා තිබූ වේලනෙයි තුරෙයි ඌර් මුහුදු වෙරළට දින දෙකකට ඉහතදී නරක් වූ සිරුරක් සහිත විශාල තල්මසෙකුගේ මළ සිරුරක්ද ගොඩ ගසා තිබුණි.